චීනය ලොව විශාලතම ජාත්‍යන්තර සාගර තෙල් සහ ගෑස් ගවේෂණ වේදිකාව ඉදි කරයි
2024-08-12 11:16:46
Share with:

ලොව විශාලතම ජාත්‍යන්තර සාගර තෙල් සහ ගෑස් එකතු කිරීමේ සහ ප්‍රවාහනය කිරීමේ වේදිකාව අද(12) චීනයේ Shandong පළාතේ Qingdao නගරයේ ඉදිකිරීම් සම්පූර්ණ කොට භාර දී ඇත. එය  චීනයේ මහා පරිමාණ සාගර තෙල් සහ ගෑස් උපකරණ ඉදිකිරීමේ තාක්ෂණයේ ඉදිරි ගමනක් සනිටුහන් කරයි.

Qingdao නගරයේ ‘ජාත්‍යන්තර ඉහළ පෙළේ උපකරණ නිෂ්පාදන මධ්‍යස්ථානයේ’ ඉදිකිරීමක් වන මෙම  ‘Mazoun තෙල් හා ගෑස් ගවේෂණ වේදිකාව’ ටොන් 17,000කට වඩා බර වන අතර එය දැනට ලෝකයේ පවතින විශාලතම තෙල් හා ගෑස් එකතු කිරීමේ සහ ප්‍රවාහන කිරීමේ වේදිකාවයි. මාස 34 ක ඉදිකිරීම්වලින් පසු, එය අද(12) නිල වශයෙන් භාර දෙන ලදී. අගෝස්තු මස අවසානයේදී, එය විශාල ප්‍රවාහන නෞකාවක ආධාරයෙන් නාවික සැතපුම් 6,400 ක් දුරින් පිහිටි සෞදි අරාබියේ සාගර ප්‍රදේශයේ ස්ථාපනය කිරීමට පිටත් කෙරෙනු ඇත.

මෙම වේදිකාව එහි Mazoun තෙල් බිමේ නිෂ්පාදන ධාරිතාව වැඩිදියුණු කිරීමට යොදා ගැනේ. එහි නිෂ්පාදන කටයුතු ආරම්භ කිරීමෙන් පසු Mazoun තෙල් බිමේ වාර්ෂික බොරතෙල් නිෂ්පාදනය ටොන් මිලියන 24ක් දක්වා වැඩි වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම