අධ්‍යාපන ක්ෂේත්රය තුළ ඩිජිටල්කරණය යනු පාසලේ කළුලෑල්ල වෙනුවට ‘ස්මාර්ට් බෝඩ් හෙවත් සුහුරු පුවරු ලබා දීම නොවන බවත් එයට ඊට වඩා බෙහෙවින් පුළුල් වූ අර්ථයක් හා දැක්මක් සහිත ක්‍රියාවලියක් බවත් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි. 2022 වර්ෂයේ සිට පැවති ආර්ථික දුෂ්කරතා ජයගනිමින් මෙම අධ්‍යාපන සංවර්ධන ක්‍රියාවලිය අඛණඩව ක්‍රියාත්මක වූ බව ද හෙතෙම සඳහන් කළේය. එමෙන්ම ඒ සඳහා මානව සම්පත් සංවර්ධනය කරමින් ගුරු පුහුණු කිරීම් ද සිදු කෙරෙමින් පවතින බවත් එහි අරමුණ, අධ්‍යාපනයේ ඉහළ ගුණාත්මක සංවර්ධනය බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
පාසල් ඩිජිටල්කරණ ක්‍රියාවලිය පිළිබඳ අධ්‍යාපන නිලධාරීන් දැනුවත් කිරීම වෙනුවෙන් පැවති වැඩසටහනකට සහභාගි වෙමින් සුසිල් ප්‍රේමජයන්ත මහතා මේ බව සඳහන් කර ඇත.