ඔලිම්පික් ක්‍රීඩා උළෙලට එක් වූ චීන ක්‍රීඩා නියෝජිත පිරිසට චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාව සහ චීන රාජ්‍ය මණ්ඩලයේ සුබපැතුම්
2024-08-12 09:38:39
Share with:

චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාව සහ චීන රාජ්‍ය මණ්ඩලය, 33 වැනි ඔලිම්පික් ක්‍රීඩා උළෙලට එක් වූ චීන ක්‍රීඩා නියෝජිත පිරිසට සුබපැතුම් පණිවිඩයක් යොමු කරයි.

33 වැනි ගිම්හාන ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී රන් පදක්කම් 40ක්, රිදී පදක්කම් 27ක් සහ ලෝකඩ පදක්කම් 24ක් දිනා ගත් චීන ක්‍රීඩක ක්‍රීඩිකාවන් ක්‍රීඩා කාර්ය සාධනය සහ ආධ්‍යාත්මික ශිෂ්ටාචාරය යන දෙඅංශයෙන්ම සාරවත් අස්වනු නෙළමින් චීනයටත්, චීන ජනතාවටත් ගෞරවයක් හිමි කර දුන් බව එම සුබපැතුම් පණිවිඩයේ සඳහන් වේ. චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාව සහ චීන රාජ්‍ය මණ්ඩලය චීන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට උණුසුම් සුබපැතුම් ප්‍රකාශ කළේය.

මෙවර ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී, චීන ක්‍රීඩක ක්‍රීඩිකාවෝ තම රටේ ක්‍රීඩා චින්තනය සහ ඔලිම්පික් දැක්ම ප්‍රබල ලෙස ප්‍රවර්ධනය කළ අතර, සදාචාරාත්මකව හා පිරිසිදු හෘද සාක්ෂියෙන් යුතුව විශිෂ්ට ජයග්‍රහණ උදෙසා තරග වදිමින් ක්‍රීඩාවේ මනා ප්‍රගතිය පිළිබඳ නව පරිච්ඡේදයක් ලිවීමෙහි සමත්වූහ. ඔලිම්පික් ආදර්ශ පාඨය වන “වඩා වේගවත්, වඩා ඉහළ සහ වඩා ශක්තිමත් - එකමුතුව”ට අනුගතව ක්‍රියාශීලීව ක්‍රියා කරන චීන ක්‍රීඩක ක්‍රීඩිකාවන් ලොව පුරා සිටින ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමඟ සාධාරණ ලෙස තරඟ වදිමින් සුහදව එකිනෙකා ඇසුරු කරමින් චීනයේ හඬ සහ ආත්මය ලොවට පතුරුවයි. චීන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ කැපී පෙනෙන ජයග්‍රහණ සහ කාර්ය සාධනය දේශීය හා විදේශීය චීන ජාතිකයින්ගේ දේශප්‍රේමී උද්යෝගය තවදුරටත් දිරිමත් කර ඇති අතර ජාතික ආත්මය ප්‍රබෝධමත් කර ඇත. චීන මාදිලියේ නවීකරණයත් සමඟ ශක්තිමත් රටක් ගොඩනැගීම සහ ජාතික පුනර්ජීවනය පුළුල් ලෙස ප්‍රවර්ධනය කිරීමට චීන ක්‍රීඩක ක්‍රීඩිකාවන් නව දායකත්වයක් ලබා දෙනු ඇතැයි බලාපොරොත්තු වන බව එම සුබපැතුම් පණිවිඩය වැඩිදුරටත් සඳහන් කරයි.

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම