ගාසා නගරයට එල්ල කරන ලද ඊශ්‍රායල ප්‍රහාරයකින් පලස්තීනුවන් 100ක් පමණ මිය ගොස් ඇති බව වාර්තා වෙයි
2024-08-11 15:04:25
Share with:

මධ්‍යම ගාසා හි අල්-ඩරාජ් ප්‍රදේශයේ අවතැන් වූවන් සඳහා ඇති කඳවුරක පවත්වාගෙන යන ලද පාසලකට ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයක් ඊයේ(10) එල්ල වී තිබේ. එහි සිටි පලස්තීනුවන් 100 ක් පමණ මිය ගිය බව පලස්තීන වෛද්‍ය සහ ආරක්ෂක ආරංචි මාර්ග ප්‍රකාශ කර ඇත.

ජීවිතක්ෂයට පත් වූවන් අතර කාන්තාවන් සහ ළමුන් ද සිටින අතර ඔවුන් ගාසා හි අල්-අහ්ලි රෝහල වෙත මාරු කර යවා තිබේ.

අල්-තාබියින් නැමති පාසලේ අවතැන් වූවන් ෆජ්ර් යාඥාව ඉටු කරමින් සිටියදී මෙම ප්‍රහාරය එල්ල වූ බව ප්‍රදේශයේ ඇසින් දුටු සාක්ෂිකරුවන් සඳහන් කර ඇත.  ගිලන්රථ සහ සිවිල් ආරක්ෂක උපකරණවල සම්පත් නොමැතිකම නිසා, ප්‍රහාරයෙන් තුවාල ලැබූවන් පුද්ගලික මෝටර් රථ සහ සතුන් අඳින කරත්ත හරහා රෝහල වෙත ප්‍රවාහනය කළ බව ඔවුහු කියා සිටිති.

ඊශ්‍රායල හමුදාව "අවතැන් වූ ජනතාව ෆජ්ර් යාඥාව සිදු කරමින් සිටියදී සෘජුවම බෝම්බ හෙලූ බවත්, මිය ගිය සංඛ්‍යාව සීඝ්‍රයෙන් වැඩි වීමට මෙය හේතු වූ" බවත් ගාසා හි හමාස් විසින් පාලනය කරනු ලබන රජයේ මාධ්‍ය කාර්යාලය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම