ප්‍රබල භූ කම්පා පිළිබඳ අනතුරු ඇඟවීම හේතුවෙන් ජපානයේ හෝටල් කර්මාන්තයේ ඇණවුම් විශාල ප්‍රමාණක් අවලංගු කර තිබේ.
කියෝඩෝ පුවත් ඒජන්සියේ වාර්තාවට අනුව භූ කම්පාව සිදුවීමේ හැකියාව ඇති ජපානයේ මධ්‍යම හා බටහිර වෙරළ ප්‍රදේශයන්හි හෝටල්වල එසේ ඇණවුම් අවලංගු කිරීමේ තත්ත්වයට මුහුණ පා ඇත. ජපානයේ අදාල අංශ භූ කම්පා අනතුරු ඇඟවීම නිකුත් කිරීමෙන් පසුව Kochi-ken දිස්ත්‍රික්කයේ හෝටලයක අපේක්ෂිත සේවාදායකයින් 450ක් ඇණවුම් අහෝසි කර ඇත. Shizuoka-ken හි Izu අර්ධද්වීපයේ සංචාරකයින් 550කට වැඩි පිරිසක් ද තම හෝටල් ඇණවුම් අවලංගු කර තිබේ. එළඹෙන 15වනදා වන විට අවම වශයෙන් සංචාරකයින් 1000ක් ඇණවුම් අවලංගු කරනු ඇතැයි තක්සේරු කරන බව Ehime-ken දිස්ත්‍රික්කයේ උණුදිය උල්පත් සංචාරක කලාපයේ සංචාරක අංශ ප්‍රධානියෙක් පවසා ඇත.
ප්‍රාදේශීය වේලාවෙන් 8වනදා Miyazaki-ken දිස්ත්‍රික්කයේ ආසන්න මුහුදු ප්‍රදේශයේ රිච්ටර් මාපාංග 7.1ක භූමි කම්පාවක් සිදු වීමෙන් පසුව ජපානයේ නැගෙනහිර ප්‍රදේශයේ ශාන්තිකර සාගරයේ දකුණු කොටසේ දැවැන්ත භූමි කම්පාවක් සිදුවීමේ හැකියාව ඉහල ගිය බව ජපාන දේශගුණික කාර්යාංශය නිවේදනය කර ඇත. ඒ අනුව විදේශ සංචාරක සැලැසුම් හදිසියේ ඉවත් කරන බව එරට අගමැතිවරයා පසුගිය 9 වනදා ප්‍රකාශ කළේය.