අමානුෂික ක්‍රියා වහාම නතර කර තම භූමියෙන් ඉවත් වන ලෙස සිරියාව ඇමරිකාවෙන් ඉල්ලයි
2024-08-11 15:19:26
Share with:

තම භූමියෙන් ඉවත් වන ලෙස සිරියාව ඇමරිකාවෙන් ඉල්ලා සිටියි.

මෑතකදී, Kurdish සන්නද්ධ හමුදා සිරියාවේ Deir ez-Zor, Al-Hasakah සහ Qamishli යන නගරවල ගම්මාන කිහිපයකට එල්ල කරන ලද ප්‍රහාරවලින් කාන්තාවන් සහ ළමුන් ඇතුළු සිවිල් වැසියන් විශිල පිරිසක් මිය ගොස් ඇතැයි සිරියානු විදේශ අමාත්‍යාංශය ඊයේ (10) නිවේදනයක් නිකුත් කරමින් පැවසීය. අහිංසක සිවිල් වැසියන් ඉලක්ක කර ගත් ප්‍රහාර එල්ල කිරීමට Kurdish සන්නද්ධ හමුදාවන්ට ඇමරිකානු හමුදා ගුවන් යානා සහාය වූ බව එම නිවේදනයේ සඳහන් වේ.

සිරියානු භූමියේ කොටස් ඇමරිකාව විසින් අත්පත් කර ගැනීම සිරියාවේ ස්වෛරීත්වය අමු අමුවේ උල්ලංඝනය කිරීමක් බව සිරියාව නැවත අවධාරණය කර ඇත. ඉහත සඳහන් කළ ප්‍රදේශවල සිරියානු ජනතාවට එරෙහිව සිදුකරන අමානුෂික සහ දුරාචාර ක්‍රියාවන්ගේ අරමුණ සිරියානු ජනතාවගේ දුක් වේදනා දෙගුණ කිරීමය. මෙම ක්‍රියාවන් නතර කර වහාම තම භූමියෙන් ඉවත් වන ලෙස එම නිවේදනයෙන් සිරියාව ඇමරිකාවෙන් ඉල්ලා සිටී.

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම