විදේශ ගත ශ්‍රමිකයන්ගෙන් පසුගිය මාසයේ ඩොලර් කෝටි 56 ක ප්‍රේෂණ
2024-08-11 15:27:04
Share with:

විදේශ ගත ශ්‍රමිකයින් පසුගිය ජූලි මාසයේදී ඇමරිකානු ඩොලර් මිලියන 566.8 ක් නීත්‍යානුකූලව බැංකු ක්‍රමය ඔස්සේ මෙරටට එවා ඇතැයි කම්කරු හා විදේශ රැකියා අමාත්‍යංශය කියා සිටී.

පසුගිය වසරේ ජූලි මාසයට සාපේක්ෂව මේ වසරේ ජූලි මාසයේදී මෙරටට එවා ඇති ප්‍රේශණ ප්‍රමාණය සියයට 10.3කින් ඉහළ ගොස් තිබේ.

පසුගිය වසරේ මාර්තු මාසයේ සිට විදේශ ගත ශ්‍රමිකයින් එවනු ලබන ප්‍රේශණ ප්‍රමාණය ඩොලර් මිලියන 500 සීමාව ඉක්මවීමට සමත් විය.

නීත්‍යානුකූල ක්‍රමය ඔස්සේ රටට මුදල් එවන ශ්‍රමිකයින් සඳහා විද්‍යුත් වාහන ආනයන බලපත්‍ර ලබාදීම, අඩු පොලියට බහු කාර්ය ණය ලබාදීම, නිවාස ණය යෝජනා ක්‍රම ඇතුළු විවිධ දිරිගැන්වීම් ලබාදීමටද කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය කටයුතු කර තිබිණ.

ගුවන් විදුලිය
20241030බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම