ආරාධනාවකට අනුව, චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ සාමාජික, විදේශ ඇමති වංයී මහතා සහ ඉරානයේ වැඩ බලන විදේශ අමාත්‍ය Ali Bagheri මහතා අතර දුරකථන සාකච්ඡාවක් අද (11) පැවැත්විණ.
එහි දී මැද පෙරදිග ප්‍රදේශයේ තත්ත්වය පිළිබඳව දෙපාර්ශ්වය වැඩි අවධානයක් යොමු කොට ඇත. හමාස් සංවිධානයේ නායක Ismail Haniyeh ඝාතන සිද්ධිය කෙරෙහි ඉරානයේ මතය හා ප්‍රාදේශීය තත්ත්වය පිළිබඳව Ali Bagheri මහතා එහිදී විස්තර කළේය.රටේ ස්වාධිප්‍යය, ආරක්ෂාව හා භෞමික අඛණ්ඩතාව ස්ථිර ලෙස සහතික කරන ඉරානය ප්‍රාදේශීය සුරක්ෂිතභාවය හා ස්ථාවරත්වය සහතික කිරීමෙහි ද නියැළී සිටින බව හෙතෙම අවධාරණය කළේය. පලස්තීන-ඊශ්‍රායල ගැටුම් කෙරෙහි, චීනය සාධාරණ ස්ථාවරයක් අනුගමනය කිරීම සම්බන්ධයෙන් Ali Bagheri මහතා ස්තූතිය පළ කළේය.
ඝාතනයට චීනය දැඩි ලෙස විරුද්ධ වන අතර එය දැඩි ලෙස හෙළා දකී.එම ක්‍රියාව ඉරානයේ ස්වාධිප්‍යය, ආරක්ෂාව හා අභිමානය බරපතල ලෙස උල්ලංඝනය කළ බව වං යී මහතා ප්‍රකාශ කළේය. ගාසා තීරයේ ස්ථිර සටන් විරාමක් කඩිනමින් සාක්ෂාත් කරගැනීම සඳහා ජගත් ප්‍රජාව එක්ව පොදු ශක්තියෙන් කටයුතු කළ යුතුය. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ අදාළ තීරණ සැබෑ ලෙස ක්‍රියාත්මක කරන ලෙස ගැටුම්වලට සම්බන්ධ ඒ ඒ පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටීම වත්මන් හදිසි කටයුත්තකි.ඉරානය නිත්‍යානුකූලව සිය ස්වාධිපත්‍යය සුරක්ෂිත කිරීම හා ජාතික අභිමානය සහතික කිරීමට චීනය අනුබල දෙන බව වං යී මහතා පැවසීය. ප්‍රාදේශීය සාමය හා ස්ථාවරත්වය සහතික කිරීමට ඉරානය දරන උත්සාහයට චීනය සහය දෙන අතර ඉරානය සමඟ සමීපව අදහස් හුවමාරු කිරීමට චීනය කැමැත්තෙන් සිටින බව චීන විදේශ අමාත්‍යවරයා සඳහන් කළේය.