මෙරට අලි පිළිබඳ සමීක්ෂණය එළඹෙන 17 වැනිදා සිට
2024-08-11 15:28:01
Share with:
දීප ව්‍යාප්ත අලි ගහන සමීක්ෂණක් සිදුකිරීමට සැලසුම් කර ඇති බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.
එළඹෙන 17 වැනිදා සිට දින තුනක් පුරා සමීක්ෂණ මධ්‍යස්ථාන 3,130කදී සිදුකිරීමට නියමිතය.
වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ කාර්යමණ්ඩලය සමීක්ෂණයේ දත්ත රැස්කිරීම සිදු කරන අතර ඒ සඳහා වෙනත් රාජ්‍ය ආයතන නිලධාරීන්, ආරක්ෂක හමුදා සාමාජිකයින් ඇතුළු පිරිස් එක් කරගැනීමට බලාපොරොත්තු වන බව එම දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් එම්. ජී. සී. සූරියබණ්ඩාර මහතා පැවසීය.
ලබා ගන්නා දත්ත මත මෙරට අලි ගහනයේ ඉදිරි පැවැත්ම පුරෝකථනය කිරීම, අලි මිනිස් ගැටුම් මැඩලීම සඳහා උපාය මාර්ගික සැලසුම් පිළියෙල කිරීම යනාදී පියවරයන් ගැනීමට නියමිත බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.