මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා පෙරහැර මංගල්‍ය ඇරඹෙයි
2024-08-11 15:29:08
Share with:

මෙරට සංස්කෘතියේ වැදගත් අංගයක් වන මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා පෙරහැර මංගල්‍ය ඊයේ (10) ආරම්භ විය.

ශ්‍රී දළදා මාලිගාව සහ සතර මහා දේවාල මගින් එය සංවිධානය කෙරේ.

කුඹල් පෙරහැර සඳහා අලි ඇතුන් 40 ක් එක් කර ඇති අතර නැටුම් කණ්ඩායම් 20ක් ද ඊට සහභාගී වී තිබේ.

මෙවර ඇසළ පෙරහැර මංගල්‍යයේ ආරක්ෂක කටයුතු සඳහා පොලිස් නිලධාරීන් 6000ක් යොදවා ඇත.

ඇසළ පෙරහැර මංගල්‍යයේ කුඹල් පෙරහැර 5ක් අගෝස්තු 14 වනදා දක්වා වීථි සංචාරය කෙරෙන අතර පළමු රන්දෝලි පෙරහැර ලබන 15 වනදා වීථි සංචාරය කිරීමට නියමිතය.

ගුවන් විදුලිය
20241030බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම