චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාව සහ චීන රාජ්‍ය මණ්ඩලය, ආර්ථික හා සමාජ සංවර්ධනයේ විස්තීර්ණ හරිත පරිවර්තනය වේගවත් කිරීම පිළිබඳ යෝජනා නිකුත් කළේය.
හරිත හා අඩු කාබන් ආර්ථික හා සමාජ සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම, උසස් තත්ත්වයේ සංවර්ධනය සාක්ෂාත් කර ගැනීමේ ප්‍රධාන සම්බන්ධකයක් වන අතර චීනයේ සම්පත් භාවිතය හා පාරිසරික ගැටළු විසඳීමේ මූලික උපාය මාර්ගය ද වන බව එහි පෙන්වා දී තිබේ.
ආර්ථික හා සමාජ සංවර්ධනයේ විස්තීර්ණ හරිත පරිවර්තනය වේගවත් කිරීම සඳහා ෂී ජින් පිං ජනාධිපතිවරයාගේ ආර්ථික චින්තනය සහ ඔහුගේ පාරිසරික ශිෂ්ටාචාර පිළිබඳ චින්තනය පුළුල් ලෙස ක්‍රියාත්මක කළ යුතුය. නව සංවර්ධන සංකල්පය සම්පූර්ණයෙන්, නිවැරදිව හා සවිස්තරාත්මකව ක්‍රියාවට නංවමින් නව සංවර්ධන රටාවක් ගොඩනැගීම වේගවත් කිරීම අවශ්‍ය වේ. පාරිසරික ප්‍රමුඛ, පිරිමැසුම්, හරිත, අඩු කාබන් සහ උසස් තත්ත්වයේ සංවර්ධන මාවත නොසැලී අනුගමනය කළ යුතුය. එසේම, සුන්දර චීනය ගොඩනැගීම පුළුල් ලෙස ප්‍රවර්ධනය කරමින් මිනිසා සහ සොබාදහම අතර සුහද සහජීවන නවීකරණය වේගවත් කිරීම ප්‍රවර්ධනය කළ යුතු බව ද එම යෝජනාවල සඳහන් වේ .
එම යෝජනාවලට අනුව, හරිත අඩු කාබන් සහ උසස් තත්ත්වයේ සංවර්ධන අවකාශීය රටාවක් ගොඩනැගීම, කාර්මික ව්‍යුහයේ හා බලශක්තියේ හරිත හා අඩු කාබන් පරිවර්තනය නිසි ලෙස ප්‍රවර්ධනය කිරීමට ප්‍රමුඛත්වය දිය යුතු වේ. එමෙන්ම ගමනාගමනයේ සහ ප්‍රවාහනයේ හරිත පරිවර්තනය, නාගරික හා ග්‍රාමීය ඉදිකිරීම් සහ සංවර්ධනය හරිතකරණය කිරීම, විස්තීරණ පිරිමැසුම් උපාය මාර්ගයක් ක්‍රියාත්මක කිරීම කෙරෙහි ද අවධානය යොමු කළ යතුය. පරිභෝජන රටා හරිතකරණය කිරීම, විද්‍යාත්මක හා තාක්‍ෂණික නවෝත්පාදනයේ සහායක භූමිකාවට කාර්යභාරයක් ඉටු කිරීම සහ හරිත පරිවර්තනය සඳහා ජාත්‍යන්තර සහයෝගීතාව ශක්තිමත් කිරීම යන කාරණා ඊට ඇතුළත් වේ.