චීනයේ හොංකොං විශේෂ පරිපාලන කලාපයේ තරුණ සංවර්ධනය පිළිබඳ නායක සංසදය පැවැත්වෙයි
2024-08-11 16:27:05
Share with:

චීනයේ හොංකොං විශේෂ පරිපාලන කලාපයේ තරුණ සංවර්ධනය පිළිබඳ නායක සංසදය පැවැත්වේ.

චීනයේ හොංකොං විශේෂ පරිපාලන කලාපයේ සිවිල් කටයුතු හා තරුණ කටයුතු පරිපාලනය විසින් සංවිධානය කරන ලද එම සංසදය ඊයේ(10) හොංකොං සමුළු හා ප්‍රදර්ශන මධ්‍යස්ථානයේදී පැවැත්විණ.තරුණ සංවර්ධන අවස්ථා ඇසුරෙන් හුවමාරු වේදිකාවක් නිර්මාණය කිරීම සඳහා පැවති එම සංසදයට දෙස් විදෙස් තරුණ නියෝජිතයින් 2400 ක පිරිසක් සහභාගි වූහ.

‍හොංකොං විශේෂ පරිපාලන කලාපයේ ප්‍රධාන විධායක John Lee Ka-chiu , චීන මධ්‍යම රජයේ හොංකොං විශේෂ පරිපාලන කලාපයේ සම්බන්ධීකරණ කාර්යාලයේ අධ්‍යක්ෂ Zheng Yanxiong යන මහත්වරු එම සංසදයේ ආරම්භක උත්සවයට එක්වූහ. 

John Lee Ka-chiu මහතා එහිදී දේශනයක් කරමින් ප්‍රකාශ කළේ ගුවන්තුං-හොංකොං-මැකෞ මහා බොක්ක කලාපයේ ඉදිකිරීම හා එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙල පොදුවේ ගොඩනැගීම හමුවේ හොංකොං විශේෂ පරිපාලන කලාපයට වැදගත් අවස්ථා උදා වී ඇති බවයි. අදාළ සංවර්ධන අවස්ථා ප්‍රයෝජනයට ගනිමින් හොංකොං විශේෂ පරිපාලන කලාපය රටේ සංවර්ධනයට එක්වීම සඳහා දායකත්වය ලබා දීම මූලික කොට හෙතෙම තරුණයන් දිරිමත් කර ඇත. 

ගුවන් විදුලිය
20241109වැඩසටහන
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම