බ්‍රසීලයේ දී අභ්‍යන්තර මගී ගුවන් යානයක් කඩා වැටීමෙන් එහි සිටි 61 දෙනාම ජීවිතක්ෂයට
2024-08-10 15:55:22
Share with:

බ්‍රසීලයේ Sao Paulo ප්‍රාන්තයේ දී අභ්‍යන්තර මගී ගුවන් යානයක් කඩා වැටීමෙන් එහි සිටි 61 දෙනාම මිය ගිය බව Voepass ගුවන් සමාගම තහවුරු කළේය.

නිවේදනයක් නිකුත් කරමින් Voepass ගුවන් සමාගම සඳහන් කළේ Vinhedo නගරයේ දී කඩා වැටුණු යානයේ මගීන් 57 දෙනෙකු සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් හතර දෙනෙකු ගමන් කරමින් සිටි අතර ඔවුන්ගෙන් කිසිවෙක් අනතුරෙන් දිවි ගලවා නොගත් බවයි.

බ්‍රසීලියානු ප්‍රාදේශීය ගුවන් සේවයේ ගුවන් යානය දකුණු දිග Parana ප්‍රාන්තයේ Cascavel නගරයේ සිට Sao Paulo හි ගුවාරුලෝස් ජාත්‍යන්තර ගුවන් තොටුපළ දක්වා ගමන් කරමින් තිබිණ.

Capela de Vinhedo ප්‍රදේශයේ නිවාස මතට යානය කඩා වැටී ඇත.

ගුවන් අනතුරෙන් මියගිය පිරිස වෙනුවෙන් දින තුනක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කරන බව බ්‍රසීල ජනාධිපති Lula da Silva මහතා ඊයේ(9) ප්‍රකාශ කළේය.

ගුවන් විදුලිය
20241120බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම