රාජ්‍ය අංශය සහ පෞද්ගලික අංශයට අමතරව රට ගොඩනැඟීම සඳහා ජනතා අංශයක් ද ස්ථාපිත කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. එම ජනතා අංශයේ ධාවකයා බවට සමුපකාරය පත්වන බව කී ජනාධිපතිවරයා ඒ වෙනුවෙන් ශක්තිමත් සහ ස්වාධීන සමුපකාරයක් ගොඩනගන බව ද සඳහන් කළේය.
සමුපකාර ව්‍යාපාරයේ ඉදිරි ගමන් මග පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා කොළඹ පැවති රැස්වීමකට එක් වෙමින් ඔහු මේ බව පැවසීය.
කෘෂි නවීකරණ වැඩපිළිවෙළ සමඟ අලෙවි ජාලයට පිවිසීමේ අවස්ථාව සමුපකාර ක්‍රමය හරහා ගොවි ජනතාවට හිමි වෙයි. ඒ වෙනුවෙන් සමුපකාර ක්‍රමය සම්පූර්ණයෙන් දියුණු කර මේ ජනතා අංශය ක්‍රියාත්මක කළ යුතුය. එබැවින් පවතින සමුපකාර නීතිය සහ ක්‍රමය ඊට නුසුදුසු බවත්, ඒ සඳහා අලුත් ක්‍රමයක් ගෙන ආ යුතු බවත් ජනාධිපතිවරයා පැවසීය.
සමුපකාර ව්‍යාපාරයේ සමෘද්ධිය සහ අභිවෘද්ධිය වෙනුවෙන් සකස් කරන ලද යෝජනාවලියක් ද ජනාධිපතිවරයා වෙත මෙහි දී පිළිගන්වනු ලැබිණ.