ඔලිම්පික් ක්‍රීඩා උළෙල ප්‍රයෝජනයට ගනිමින් තායිවාන ප්‍රශ්නය සම්බන්ධයෙන් ඇතැම් පුද්ගලයන් සිදු කළ ගැටළුකාරී ක්‍රියාවන්ට මෙන්ම ඔලිම්පික් උළෙල පැවැත්වීමට බාධා කිරීමට චීනය දැඩි විරෝධ පළ කරයි.
චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශිකා Mao Ning මහත්මිය ඊයේ (9) මාධ්‍යවේදියෙකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මේ බව ප්‍රකාශ කළාය. ඔලිම්පික් ප්‍රඥප්තිය අනුගමනය කරමින් ඒ ඒ පාර්ශ්වයන් ක්‍රීඩාවේ පවිත්‍රත්වය සහ ගෞරවය සහතික කිරීම චීනය අපේක්ෂා කරයි.ඇතැම් පුද්ගලයන් ඔලිම්පික් ක්‍රීඩා උළෙල ප්‍රයෝජනයට ගනිමින් තායිවාන ප්‍රශ්නය සම්බන්ධයෙන් ගැටළුකාරී ක්‍රියා ඇති කිරීමට හා ඔලිම්පික් ක්‍රීඩා උළෙලට බාධා කිරීමට උත්සාහ දැරීම කෙරෙහි චීනය දැඩිව විරුද්ධ වන බවද ඇය ප්‍රකාශ කළාය.
ලෝකයේ ඇත්තේ එකම චීනයයි. තායිවාන ප්‍රදේශය, චීනයේ කොටසක් වේ.“චීනයේ තායිබෙයි ” නියෝජිත කණ්ඩායම ඔලිම්පික් ක්‍රීඩා උළෙලට එක්වීම සම්බන්ධයෙන්, ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව එකම චීනය පිළිබඳ මූලධර්මයට අනුව පැහැදිලි රෙගුලාසි සකස් කර ඇත. එය ජාත්‍යන්තර ක්‍රීඩා ක්ෂේත්‍රයේ පොදුවේ අනුගමනය කරන පිළිගැනීමකි.ජගත් සාමය හා සමගිය ප්‍රවර්ධනය කිරීම, ඔලිම්පික් උළෙලේ ප්‍රධාන මෙහෙවරයි.එහි අවධානය යොමු විය යුත්තේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ තරඟ කෙරෙහි බවද චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශිකා සඳහන් කළාය.