මහජන පැමිණිලි විමර්ශනය කිරීමට රේගු දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර ඒකකයක් ආරම්භ කෙරේ.
රේගු දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් ජනතාව අතර විවිධ ගැටළු තිබෙන අතර එහි දී ජනතාවට ඉහළ සේවාවක් ලබා දීම මෙහි අරමුණ බව මහජන පැමිණිලි භාර ගැනීම සහ විමර්ශනය කිරීමට ක්‍රියාත්මක අභ්‍යන්තර කටයුතු ඒකකය විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමින් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ප්‍රකාශ කළේය. ජනතාව සහ රේගුව අතර පවතින සබඳතාව තවදුරටත් ශක්තිමත් කිරීම මේ ඔස්සේ සිදු වනු ඇත.
දේශීය ආදායම්, සුරාබදු දෙපාර්තමේන්තු තුළත් ඉදිරියේදී මෙවැනි ඒකක ආරම්භ කිරීමට අපේක්ෂා කරන බවත් රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.
රේගු දෙපාර්තමේන්තුව වෙත ලබා දුන් ආදායම් ඉලක්ක අබිබවා යමින් සුවිශේෂ මෙහෙවරක් රට වෙනුවෙන් සිදු වන බවත් ඒ හේතුවෙන් විවිධ පැසසුම් සේම චෝදනා ද එල්ල වෙමින් පවතින බවත් හෙතෙම ප්‍රකාශ කළේය.
0112 – 221 331,0112 – 221 333, 0704 – 752 803 දුරකතන අංකවලට හෝ විද්‍යුත් තැපැල iau.slcustoms@gmail.com හෝ Whatsapp අංකයට 070 4 752 803 හෝ මහජන පැමිණිලි යොමු කළ හැකිය.