චීන ආර්ථිකයේ‘නව ගුණාත්මක ඵලදායිතාව’ලෝකයට තිරසර බව එක් කරයි- නොබෙල් ආර්ථික සම්මාන ලාභී මහාචාර්ය Eric Maskin
2024-08-10 19:26:43
Share with:

වසර 2007 දී නොබෙල් ආර්ථික සම්මාන ලාභී මහාචාර්ය Eric Maskin මහතා පසුගිය ජූලි මාසයේ දී පැවති 2වන ජාත්‍යන්තර මූලික විද්‍යා සම්මේලනයට එක්වීමේ අරමුණින් චීනයේ සංචාරයක නිරත විය. එම කාලය තුළ චීන මාධ්‍ය සමූහයේ මාධ්‍යවේදිනියක් ඔහු සමග සම්මුඛ සාකච්ඡාවක් පැවැත්වීය. චීන ආර්ථිකයේ ජයග්‍රහණ පිළිබඳව ඔහු විග්‍රහ කර ඇත.

   චීනය ක්‍රියාත්මක කරන වෙළඳපොල ආර්ථිකය, චීනයේ ජයග්‍රහණයට ප්‍රථම සාධකය බව ඔහු කීය. ඊට අමතරව ලෝකයට විවෘත වීම ද නිවැරදි පියවරකි. තුන්වැන්න, චීන රජයේ සංවිධාන ව්‍යහුය ද අතිසාර්ථක ය. මධ්‍යම රජය යටතේ පළාත් හා ප්‍රාදේශීය රජයන් පවතිමින් විවිධ පළාත්වලට ආවේණික ආර්ථික විශේෂත්වයන් චීනය සතුව ඇත. විවිධ ප්‍රදේශ අතර තරගකාරිත්වය ආර්ථික කාර්යක්ෂමතා ඉහල නංවා තිබේ. මෙවන් ව්‍යහුයක් යටතේ, ඇතැම් ප්‍රදේශවල අත්හදා බැලීම් සිදු කිරීමට චීනයට හැකිවී ඇත. මේ සියල්ලම, චීනයේ මනා ආර්ථික සංකල්පයේ විශිෂ්ඨත්වය බව ඔහු පෙන්වා දී තිබේ.

වර්තමානයේ චීන ආර්ථිකය පිළිබඳ ප්‍රමුඛ යෙදුමක් වන්නේ ‘නව ගුණාත්මක ඵලදායිතාව’ යන්නයි. එම සංකල්පය ෂී ජින්පිං ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කෙරිණ. නව සංවර්ධන සංකල්පය ක්‍රියාත්මක කිරීමේ දී නව්‍ය තාක්ෂණය, උසස් කාර්යක්ෂමතාව හා ඉහල ගුණාත්මකභාවය පිළිබඳ වැදගත්කම ඉන් අවධාරණය කෙරේ. ‘නව ගුණාත්මක ඵලදායිතාව’පිළිබඳ තම අදහස් Eric Maskin මහතා පළ කළේය.

එම ආකල්පය අතිශයින් වැදගත්ය. විසි වන සියවසේ ප්‍රධාන විද්‍යා තාක්ෂණිකාංග සඳහා, 21වන සියවසේ අදහස් ආදේශ කෙරෙමින් පවතී. සිය ප්‍රාග්ධන හා සම්පත් නව තාක්ෂණයන්ට යොමු කරන චීනය, එහි ප්‍රමුඛ ස්ථානයේ පසු වේ. උදාහරණයක් ලෙස ගතහොත්, චීනය විදුලි වාහන නිෂ්පාදන ක්ෂේත්‍රයේ මෙහෙයවන්නා බවට පත් ව ඇත. චීනය මේ සඳහා යොමු කළ ආයෝජනය සහේතුක මෙන්ම බුද්ධිමත්ය. ලෝකයට විදුලි වාහන අවශ්‍ය බව ද මහාචාර්ය Eric Maskin මහතා ප්‍රකාශ කර ඇත.

චීන ආර්ථිකය ලෝකයට වාසනාවක් බව ඔහු තවදුරටත් සඳහන් කර තිබේ. ගෝලීය ධනාත්මක සංවර්ධනය තුළදී චීනය එහි වර්ධන එන්ජිම සේ ක්‍රියා කරයි. එමෙන්ම අභියෝගාත්මක අවස්ථාවල චීනයට ලෝක ආර්ථිකයට ස්ථිරත්වය එකතු කරන බව ද ඔහු පෙන්වා දී තිබේ.

 

ගුවන් විදුලිය
20241015අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම