ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් මහතා ගාසා තීරයේ සටන් විරාමයක් සඳහා ප්‍රංශයේ සහය යළි තහවුරු කරයි. සියලු ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම, ගාසා වැසියන් ආරක්ෂා කිරීම මෙන්ම එහි දී මහා පරිමාණ මානුෂීය ආධාර ලබා දීමට අපේක්ෂා කරන බව ප්‍රංශ එලිසී මාලිගය ඊයේ(9) ප්‍රකාශ කළේය.
ප්‍රංශ ජනාධිපතිවරයා බ්‍රහස්පතින්දා සහ සිකුරාදා ඊජිප්තු ජනාධිපති අබ්දුල් ෆටා අල්-සිසි, කටාර්හි එමීර් ෂෙයික් තමීම් බින් හමාඩ් අල් තානි සහ එක්සත් රාජධානියේ අගමැති කීර් ස්ටාමර් යන මහත්වරුන් සමඟ දුරකථන සංවාදවලදී මෙම අදහස් ප්‍රකාශ කොට තිබේ.
දුරකථන සාකච්ඡා අතරතුර, ප්‍රංශ සහ අරාබි නායකයින් දෙදෙනා ද්වී රාජ්‍ය විසඳුම මත පදනම්ව අර්බුදයට කල්පවත්නා සහ විශ්වසනීය විසඳුමක් සඳහා අඛණ්ඩව කටයුතු කිරීමට එකඟ වූහ.
කලාපයට සාමය සහ ආරක්ෂාව ප්‍රතිෂ්ඨාපනය කරන දේශපාලන රාමුවක් නිර්වචනය කිරීම සඳහා අරාබි ලීගය, ඉස්ලාමීය සහයෝගිතා සංවිධානය සහ ජාත්‍යන්තර ප්‍රජාව සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට ප්‍රංශයේ කැපවීම ප්‍රංශ නායකයා නැවත අවධාරණය කළේය.