‘නව යුගයේ චීන ප්‍රතිසංස්කරණයන් මගින් ලොවට ගෙන එන අවස්ථා’ නැමති ගෝලීය සංවාදය කාම්බෝජයේ දී පැවැත්වෙයි
2024-08-10 19:53:07
Share with:

 ‘නව යුගයේ චීන ප්‍රතිසංස්කරණයන් මගින් ලොවට ගෙන එන අවස්ථා’ නැමති ගෝලීය සංවාදය කාම්බෝජයේ දී පැවැත්වේ.

චීන මාධ්‍ය සමූහය, කාම්බෝජයේ චීන තානාපති කාර්යාලය, කාම්බෝජයේ රාජකීය පර්යේෂණ ඇකඩමිය යන ආයතන ඒකාබද්ධව එම සංවාදය ඊයේ(9) එරට නොම් පෙන් නගරයේදී සාර්ථකව පවත්වා තිබේ. 

කාම්බෝජයේ රාජකීය පර්යේෂණ ඇකඩමියේ අධ්‍යක්ෂ Sok Touch, කාම්බෝජයේ චීන තානාපති වං වෙන්බින් යන මහත්වරුන් එම සංවාදයට එක්වී දේශන පවත්වා ඇත. එම පර්යේෂණ ඇකඩමියේ හා  කාම්බෝජ-චීන සබඳතා සංවර්ධනය පිළිබඳ සංගමයේ බුද්ධි මණ්ඩල විශේෂඥයින්, මාධ්‍යවේදීන්, ව්‍යවසායකයින්, තරුණ නියෝජිතයින්, සිසුන් ඇතුළු 300ක පමණ පිරිසක් එම සංවාදයට එක්වූහ.

චීන කොමියුනිස්ට් පක්ෂයේ 20වන මධ්‍යම කාරක සභාවේ තුන්වන පූර්ණ සැසිය ලෝකයටත් කාම්බෝජයටත් ලබා දුන් ගැඹුරු අර්ථය, චීනය ප්‍රතිසංස්කරණ පුළුල් කිරීමෙන් හා චීන මාදිලියේ නවීකරණයෙන් කාම්බෝජයට ලබා දිය හැකි අත්දැකීම්, දෙරට එක්ව උසස් ගුණාත්මක, උසස් මට්ටමට , උසස් ප්‍රමිතියෙන් නව යුගයේ චීන -කාම්බෝජ පොදු ඉරණමක් සහිත ප්‍රජාව ගොඩනැගීම තුළින් ගෙන දෙන  නව අවස්ථා පිළිබඳව එහි දී  සාකච්ඡා කෙරිණ.

ගුවන් විදුලිය
20241120බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම