ඉදිරි දෙමසක විශ්‍රාමික දීමනා එකවර ඔක්තෝබර් මාසයේ ගෙවන ලෙස මැතිවරණ කොමිසම රජයට දැනුම් දෙයි
2024-08-10 16:17:00
Share with:

රජය විශ්‍රාමිකයින්ට ගෙවීමට බලාපොරොත්තු වන රුපියල් 3000ක අන්තර්කාලීන දීමනාව ඡන්දයෙන් පසු ලබන ඔක්තොබර් මාසයේ දී සැප්තැම්බර් දීමනාව ද සමග එකවර ගෙවන ලෙස මැතිවරණ කොමිසම රජයේ ප්‍රධානීන්ට ඊයේ (9) දැනුම් දී තිබේ.

මේ අතර කොමිෂන් සභාවේ නියෝගය නොතකා එම දීමනාව ගෙවන ලෙසට අමාත්‍යංශ ලේකම්වරුන්ට දැනුම් දීම සම්බන්ධයෙන් 12 වැනිදා ට පෙර කරුණු පැහැදිලි කිරීමක් සිදු කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම්වරයාට දැනුම් දී ඇත.

මැතිවරණ කටයුතු සඳහා රාජ්‍ය දේපළ යොදා ගැනීම නිදහස් සහ සාධාරණ මැතිවරණයකට බාධාවක් වන හෙයින් එය වහාම නතර කරන ලෙසත්, ඒ පිළිබඳ පැමිණිලි ඇතොත් ඒවා ඉදිරිපත් කරන ලෙසත් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා ජනතාවගෙන් ඉල්ලා සිටී.

ගුවන් විදුලිය
20241103ඉරිදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම