ඡන්දය භාවිත කිරීමේදී ජාතික හැඳුනුම්පත් නොමැති බවට හඳුනාගෙන ඇති එක් ලක්ෂ පනස්දහසක් පමණ වන පිරිසට තාවකාලික හැඳුනුම්පතක් ලබා දීමට අවශ්‍ය කටයුතු මේ වන විට සම්පාදනය කරමින් සිටින බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.
මෙරට එක් කෝටි හැත්තෑ එක් ලක්ෂයක් වූ ලියාපදිංචි ඡන්ද දායකයන් පිරිස අතරේ සිටින හැඳුනුම්පත් නොමැති පිරිසට කිසිදු බාධාවකින් තොරව ඒ සඳහා තාවකාලික හැඳුනුම්පතක් ලබා දීමට සියලු ග්‍රාම නිලධාරීන් කටයුතු කරනු ඇත.
වතු ජනතාව මෙන්ම ලිංගික හා ස්ත්‍රී පුරුෂ සංක්‍රාන්තික සමාජභාවි ප්‍රජාව හඳුනා ගැනීමට නිකුත් කර ඇති GRC සහතිකය ඇති පිරිස් සඳහා ගැටළුවකින් තොරව ඡන්දය භාවිත කිරීමට අදාළ තාවකාලික හැඳුනුම්පත් ලබා දීමට පියවර ගන්නා බව මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා පැවසීය .