චීන විදුලි වාහනවලට එරෙහි යුරෝපා සංගමයේ තාවකාලික ප්‍රතිවිරෝධතා පිළිබඳ පැමිණිල්ලක් චීනය ලෝක වෙළඳ සංවිධානයේ ආරවුල් විසඳීමේ යාන්ත්‍රණයට අද (9) යොමු කළේය. චීන වාණිජ අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක් අද (9) ප්‍රකාශ කළේ විදුලි වාහන කර්මාන්තයේ සංවර්ධන අයිතීන් සහ අවශ්‍යතා මෙන්ම ගෝලීය හරිත පරිවර්තන සහයෝගීතාවය ආරක්ෂා කිරීම එහි අරමුණ බවයි.
යුරෝපා සංගමයේ මූලික තීන්දුව සත්‍ය සහ නීතිමය පදනමක් නොමැති බවත්, එය ලෝක වෙළඳ සංවිධානයේ නීති බරපතල ලෙස උල්ලංඝනය කර ඇති බවත් එම ප්‍රකාශකයා පැවසීය. දේශගුණික විපර්යාසයන්ට මුහුණ දීම පිළිබඳ ගෝලීය සහයෝගීතාවයේ සමස්ත තත්වය එමඟින් යටපත් කර තිබේ. තම වැරදි භාවිතයන් වහා නිවැරදි කර ගනිමින් චීන-යුරෝපා සංගම් ආර්ථික සහ වෙළෙඳ සහයෝගීතාව සහ විදුලි වාහන කර්මාන්ත දාමයේ සහ සැපයුම් දාමයේ ස්ථාවරත්වය ඒකාබද්ධව පවත්වාගෙන යාමට සහාය වන ලෙස චීනය යුරෝපා සංගමයෙන් ඉල්ලා සිටින බව ද එම ප්‍රකාශකයා පැවසීය.