ඊශ්‍රායලය දැඩි වන්දියක් ගෙවිය යුතු ‘උපායමාර්ගික වරදක්’ සිදු කර ඇතැයි ඉරානය කියයි
2024-08-09 13:49:45
Share with:

ඊශ්‍රායලය දැඩි වන්දියක් ගෙවිය යුතු ‘උපායමාර්ගික වරදක්’ සිදු කර ඇතැයි ඉරානය පවසයි. එරට වැඩ බලන විදේශ ඇමති  Ali Bagheri Kani මහතා ඊයේ (08) සෞදි අරාබියේ Jeddah නුවර දී මාධ්‍ය අමතමින් මේ බව පැවසීය.

ඉරානයේ ඉල්ලීමක් අනුව, ඉස්ලාමීය සහයෝගිතා සංවිධානය ඉකුත් 7 වැනි දා Jeddah නුවර දී විශේෂ රැස්වීමක් පවත්වා නිවේදනයක් නිකුත් කළේය. ඊශ්‍රායලය, හමාස් සංවිධානයේ නායක Ismail Haniyeh ඝාතනය කිරීම, ජාත්‍යන්තර නීතිය හා ‘එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය’ උල්ලංඝනය කිරීමක් බවට එම නිවේදනය මගින් චෝදනා කර ඇත. ඉරානයේ ස්වෛරීභාවය බරපතල ලෙස උල්ලංඝනය කළ එම ක්‍රියාව කලාපීය සාමය හා ආරක්ෂාවට එල්ල වූ දැඩි තර්ජනයක් බව ද එහි දැක්වෙයි.

ඉස්ලාමීය සහයෝගිතා සංවිධානයේ සාමාජික රටවල් ඊශ්‍රායලයට එරෙහි ඉරාන ප්‍රතිචාරයට සහාය ලබා දෙනු ඇතැයි ද වැඩ බලන විදේශ ඇමතිවරයා කියා සිටියේය. එම මෙහෙයුම් ‘කලාපීය ස්ථාවරත්වය සුරැකීමට පරිපූර්ණ ලෙස අනුකූල වන’ බව ද හෙතෙම සඳහන් කර තිබේ.

මේ අතර, Ali Bagheri Kani මහතා, හමාස් සංවිධානයේ නව නායකයා වන Yahya Sinwar වෙත පසුගිය 7 වැනිදා පණිවුඩයක් යොමු කළේය. කලාපීය වශයෙන් ඊශ්‍රායල විරෝධී පෙරමුණු පලස්තීන ජනතාවට අඛණ්ඩ ව සහාය වනු ඇත. Yahya Sinwar ගේ නායකත්වය යටතේ පලස්තීනය පූර්ණ වශයෙන් විමුක්තිය සාක්ෂාත් කරන තුරු ඊශ්‍රායලය සමග අඛණ්ඩ ව සටන් වැදිය යුතු බව ඔහු සිය පණිවුඩය මගින් කියාසිටී.

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම