බංග්ලාදේශයේ අන්තර්වාර රජය පිහිටුවීම පිළිගන්නා බව චීනය පවසයි
2024-08-09 15:52:06
Share with:

බංග්ලාදේශය ඊයේ (8) අන්තර්වාර රජයක් පිහිටුවූ අතර නොබෙල් සාම ත්‍යාගලාභී Muhammad Yunus මහතා අන්තර්වාර රජයේ ප්‍රධාන උපදේශක ලෙස කටයුතු කරයි.

ඒ පිළිබඳව චීනයේ මතය කුමක් ද යන්න මාධ්‍යවේදියෙකු අද (9) නැඟූ ප්‍රශ්නයට චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශකයා පිළිතුරු දුන්නේය. බංග්ලාදේශයේ අන්තර්වාර රජය පිහිටුවීම පිළිගන්නා බව ඔහු පැවසීය. චීනය සෑම විටම අනෙකුත් රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවීම යන මූලධර්මය පිළිපදින අතර බංග්ලාදේශයේ ස්වාධීනත්වය, ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාවට ගරු කරයි. චීනය බංග්ලාදේශ ජනතාව විසින් ස්වාධීනව තෝරා ගන්නා ලද සංවර්ධන මාවතට ගරු කරන අතර සෑම විටම චීනය, බංග්ලාදේශ ජනතාව වෙත යහපත් අසල්වැසි සහ මිත්‍රශීලී ප්‍රතිපත්තියක් අනුගමනය කරන බව එම ප්‍රකාශකයා පැවසීය.

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම