ෆීජි අගමැති Sitiveni Rabuka මහතා එළඹෙන 12වනදා සිට 21වනදා දක්වා චීනයේ නිල සංචාරයකට එක්වීමට නියමිත බව චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශකයෙක් පැවසීය.
එම සංචාරය තුළදී චීන ෆීජි නායක දෙපළ ද්විපාර්ශ්වික සම්බන්ධතාවය හා පොදු සැලකිල්ලට ලක් කරුණු සම්බන්ධයෙන් අදහස් හුමාරු කර ගනු ඇතැයි ඔහු හෙළි කළේය. රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතාවය ගොඩනගා ගත වූ වසර 49 තුළ දෙරට සම්බන්ධතාවය අඛණ්ඩව වර්ධනය වූ අතර විවිධ ක්ෂේත්රවල සහයෝගතාවලින් ලද සරු ප්‍රතිඵල, දෙරටේ ජනතාවට සුබ සෙත නිර්මාණය කර ඇත. මෙම සංචාරය මගින් දෙරටේ අන්‍යෝන්‍ය ගරුත්වය, පොදු සංවර්ධනය පිළිබඳ විස්තීර්ණ උපායමාර්ගික හවුල්කාරීත්වය නව මට්ටමකට නංවාලීමට අපේක්ෂා කෙරේ. එසේම වඩාත් සමීප වන පොදු ඉරණමක් සහිත චීන පැසිෆික් දූපත් රාජ්‍ය ප්‍රජාවක් එක්ව ගොඩනැගීමට බලාපොරොත්තු වන බව ද එම ප්‍රකාශකයා පවසා ඇත.