ගාසා ළමා අරමුදලට ඩොලර් 590,000ක් පලස්තීන රජයට නිල වශයෙන් භාර දෙයි
2024-08-09 18:18:49
Share with:

ගාසා හි ළමා අරමුදල වෙත ලැබුණු තවත් ඇමරිකානු ඩොලර් පන්ලක්ෂ අනූදහසක මුදලක් පලස්තීන රජය වෙත නිල වශයෙන් භාරදීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදි 07 වැනිදා සිදු කෙරිණ.

ගාසා තීරයේ පවත්නා යුදමය තත්ත්වය හේතුවෙන් අවතැන්ව සිටින දරුවන්ගේ මූලික අවශ්‍යතා සැපයීම සඳහා අවශ්‍ය මූල්‍යාධාර ලබාදීම වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයක් අනුව මෙම වැඩසටහන ආරම්භ විය.

අරමුදල සඳහා දායකවීමේ අවස්ථාව ජූලි 31 දිනෙන් අවසන් කෙරුණු අතර ඒ සමඟ මානුෂිකත්වයෙන් අත්වැල් බැඳ ගත් සියලු ජනතාවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සහ ජනාධිපති කාර්යාලයේ ස්තූතිය පිරිනමන බව ප්‍රකාශ කර ඇත.

ගුවන් විදුලිය
20241102සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම