ගෝලීය ප්‍රතිචාර දක්වන්නන් ඇමරිකානු තහනම් උත්තේජක විරෝධී ආයතනය තම ක්‍රීඩකයින්ගේ චෝදනා වසන් කිරීම පිළිබඳ දැඩි අවධානයෙන්
2024-08-09 16:33:40
Share with:

ඇමරිකානු තහනම් උත්තේජක විරෝධී ආයතනය  එරට මලල ක්‍රීඩක Erriyon Knighton ගේ තහනම් උත්තේජක චෝදනා වසන් කිරීම, එම ආයතනයේ දෙබිඩි පිළිවෙත් සහ බලය අනිසි ලෙස භාවිත කිරීම හේතුවෙන් විශ්වසනීයත්වය පිළිබඳ අර්බුදයක් වේගයෙන් වර්ධනය වෙමින් පවතී. CGTN විසින් නිකුත් කරන ලද අන්තර්ජාල මත විමසුමකට අනුව, ගෝලීය ප්‍රතිචාර දැක්වූවන්ගෙන් සියයට 95.57ක් ඇමරිකානු තහනම් උත්තේජක විරෝධී ආයතනය තහනම් උත්තේජක භාවිතයට සම්බන්ධ එරට ක්‍රීඩක ක්‍රීඩිකාවන් වසන් කරන බවට විශ්වාස කර ඇත.

මෙම වසරේ මාර්තු මාසයේදී Erriyon Knighton වෙත ලෝක තහනම් උත්තේජක විරෝධී ආයතනයෙහි තහනම් ද්‍රව්‍යයක් සඳහා ධනාත්මක පරීක්‍ෂණයක් සිදු කරන ලද නමුත් ඇමරිකානු තහනම් උත්තේජක විරෝධී ආයතනය එයින් ක්‍රීඩකයන්ට අසාධාරණයක් සිදු වනු ඇති බවට පවසා ඔහුගේ ක්‍රීඩා අත්හිටුවීම වළක්වාගෙන ඇත. ලෝක තහනම් උත්තේජක විරෝධී ආයතනය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ තහනම් උත්තේජක සඳහා ධනාත්මක බව පරීක්‍ෂා කළ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට තරඟ කිරීමට ඉඩ දීමෙන්, ඇමරිකානු ආයතනය තරඟයේ අඛණ්ඩතාව ආරක්ෂා කිරීම සඳහා නිර්මාණය කර ඇති නීති උල්ලංඝනය කර ඇති බවයි. වසර ගණනාවක් පුරා තහනම් උත්තේජක භාවිත කළ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට තරඟ කිරීමට අවසර දීමේ ඇමරිකානු තහනම් උත්තේජක විරෝධී ආයතනයෙ හි පුරුද්ද ලෝක තහනම් උත්තේජක විරෝධී ආයතනය කිසි විටෙක අනුමත කර නැත. 

සමීක්ෂණයේ දී, ගෝලීය ප්‍රතිචාර දැක්වූවන්ගෙන් සියයට 90.15 ක් විශ්වාස කළේ පැරිස් ඔලිම්පික් උළෙලට Erriyon Knighton ගේ සැබෑ තත්ත්වය ඇමරිකාව විසින් වසන් කොට තරඟ කිරීමට ඉඩ දීමෙන් තරඟවල සාධාරණත්වය බරපතල ලෙස යටපත් කර ඇති බවයි. සියයට 96.54ක් එය 'ඇමරිකානු ද්විත්ව ප්‍රමිතීන්ට' සම්භාව්‍ය උදාහරණයක් ලෙස විවේචනය කර තිබේ. 

මීට අමතරව, ප්‍රතිචාර දැක්වූවන්ගෙන් සියයට 95.63 ක් ඇමරිකානු ක්‍රීඩක ක්‍රීඩිකාවන් පුළුල්ව පැතිරී ඇති අසත්‍ය සමාජ පුවත් වාර්තාකරණයට සම්බන්ධ බවට බරපතල ලෙස සැක කරති. ප්‍රතිචාර දැක්වූවන්ගෙන් සියයට 96.23කගේ ආකල්පය වන්නේ ක්‍රීඩාවේ සාධාරණත්වය පිළිබඳ ජාත්‍යන්තර විශ්වාසය නැවත ඇති කිරීම සඳහා පැරිස් ඔලිම්පික් උළෙලේදී ඇමරිකානු ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා තහනම් උත්තේජක පරීක්ෂණ වාර ගණන වැඩි කළ යුතු බවයි.

මෙම සමීක්ෂණය CGTN වේදිකාවල ඉංග්‍රීසි, ස්පාඤ්ඤ, ප්‍රංශ, අරාබි සහ රුසියානු යන භාෂාවලින් ප්‍රකාශයට පත් කර ඇති අතර, පැය 16ක් ඇතුළත පුද්ගලයින් 14,580ක් ඊට සහභාගී වී ඔවුන්ගේ අදහස් බෙදා ගෙන තිබේ.

ගුවන් විදුලිය
20241015අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම