ගාසා තීරයේ සටන් විරාම සාකච්ඡා යළි ආරම්භ කිරීමට ඊශ්‍රායලය එකඟ වෙයි.
ඊශ්‍රායල අගමැති කාර්යාලය අද(9) නිවේදනයක් නිකුත් කරමින් මේ බව ප්‍රකාශ කළේය. එළඹෙන 15 වනදා එම සාකච්ඡාව සඳහා නියෝජිත කණ්ඩායමක් යොමු කිරීමට සැලසුම් කරන බව එම නිවේදනයේ සඳහන් කර ඇත.
එම නිවේදනයට අනුව, ඊශ්‍රායලයේ නියෝජිත කණ්ඩායම නියමිත සාකච්ඡා ස්ථානයට පැමිණ රාමු ගිවිසුම ක්‍රියාත්මක කිරීමේ විස්තර කරුණු නියම කිරීමට අපේක්ෂා කරයි.
කටාර්, ඊජිප්තු හා ඇමරිකානු නායකයන් ඊයේ(8) රාත්‍රියේ ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කර ඇත. එළඹෙන 15 වනදා දෝහා නගරයේ හෝ කයිරෝ නගරයේදී සටන් විරාම සාකච්ඡාව යළි ආරම්භ කරන ලෙස රටවල් තුනේ නායකයන් ඊශ්‍රායලයෙන් හා හමාස් සංවිධානයෙන් ඉල්ලා සිටින බව එහිදී ප්‍රකාශ කර තිබේ. අනෙකුත් සියළු මතභේදයන් විසඳා ගනිමින් අදාළ ගිවිසුම් වහාම ක්‍රියාත්මක කිරීම එහි ප්‍රධාන අරමුණ බව සඳහන්ය.