ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ඇමරිකානු ජනාධිපතිවරණයේ ප්‍රධාන අපේක්ෂකයින් දෙදෙනා අතර විවාදයක් සැප්තැම්බර් 10 වන දින පැවැත්වීමට නියමිත බව ABC මාධ්‍ය ජාලය වාර්තා කරයි. ඒ සඳහා ජනාධිපතිවරණ අපේක්ෂකයින් එකඟ වී ඇති බව ද එම මාධ්‍ය ජාලය ඊයේ(08) වාර්තා කළේය.
මේ අනුව රිපබ්ලිකන් පක්ෂ ජනාධිපති අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂිකා කමලා හැරිස් යන දෙදෙනාම මෙම විවාදයට ඔවුන්ගේ සහභාගීත්වය තහවුරු කර ඇත.
මිනිත්තු 90 ක කාලයක් පැවැත්වීමට නියමිත මෙම විවාදය Philadelphia නගරයේ දී පැවැත්වීමට අපේක්ෂා කෙරේ. නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත් වාර්තාවට අනුව, විවාදය බොහෝ විට සජීවී ප්‍රේක්ෂකයින් නොමැතිව පැවැත්වීමේ ඉඩක් පවතින අතර, නිශ්චිත වැඩසටහන් ආකෘතිය සහ එහි මූලික නීති පිළිබඳ තවමත් තීරණය කර නොමැත.
එමෙන්ම එරට මාධ්‍ය වාර්තා කරනුයේ කමලා හැරිස් සමග තවත් අවස්ථා දෙකක දී විවාද කිරීමට ඩොනල්ඩ් ට්‍රම්ප් එකඟ වී ඇති බවයි. එමෙන්ම පසුගිය ජුනි මාසයේ පැවති විවාදයේදී ජෝ බයිඩ්න් අවම කාර්යසාධනක් පෙන්නුම් කිරීම හේතුවෙන් ඩිමොක්‍රටික් පාක්ෂිකයන් අතර මතභේද නිර්මාණය වූ බැවින් එය ඔහුට අපේක්ෂකත්වයෙන් ඉවත් වීමට ද බලපෑවේ ය.