බංග්ලාදේශයේ අන්තර්වාර රජයේ ප්‍රධානියා දිවුරුම් දෙයි
2024-08-09 11:26:53
Share with:

බංග්ලාදේශයේ අන්තර්වාර රජයේ ප්‍රධානියා ලෙස එරට ආර්ථික විද්‍යාඥ, නොබෙල් සාම ත්‍යාගලාභී මුහම්මද් යූනුස් මහතා දිවුරුම් දෙයි. ඩකා අගනුවර ජනාධිපති මන්දිරයේ දී ඊයේ (8) දිවුරුම් දීම සිදුකෙරුණේ ජනාධිපති මොහොමඩ් ෂහාබුද්දීන් මහතා සහ නව අන්තර්වාර රජයේ සෙසු සාමාජිකයන් හමුවේ යි. රජයේ ප්‍රධාන උපදේශකවරයා ලෙස යූනුස් මහතාගේ භූමිකාව අගමැතිවරයකු හා සමාන වන බව වාර්තාවන් හි දැක්වේ. ඔහුට අමතරව තවත් 16 දෙනෙක් මෙම නව රජයට ඇතුළත් කරනු ලැබ සිටිති. ඊයේ (8) පස්වරුවේ ඩකා අගනුවර වෙත පැමිණි ඔහු ගුවන් තොටුපළේ දී අදහස් දක්වමින් ජනතාවගෙන් ඉල්ලා සිටියේ අවුල් සහගතභාවයෙන් හා ප්‍රචණ්ඩත්වයෙන් රට ආරක්ෂා කිරීමට පියවර ගන්නා ලෙසයි. අගමැතිනි ෂීක් හසීනාගේ නායකත්වයෙන් යුත් රජය බිඳවැටීමෙන් පසු අන්තර්වාර රජයක් පිහිටුවීමට මගපාදමින්, එරට ජනාධිපතිවරයා ඉකුත් 6 වැනිදා පාර්ලිමේන්තුව විසුරුවා හැරීය.

  

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම