චීන ජනාධිපති ෂී ජින් පිං මහතාගේ විශේෂ නියෝජිත සහ චීන රාජ්‍ය මණ්ඩල සාමාජික Shen Yiqin මහත්මිය, අගෝස්තු 9 වැනිදා සිට 11 වැනිදා දක්වා ප්‍රංශයේ පැරිස් නුවර පැවැත්වෙන 33 වැනි ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ සමාප්ති උත්සවයට සහ අනෙකුත් ක්‍රියාකාරකම්වලට සහභාගි වනු ඇත.
චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකා Mao Ning මහත්මිය මේ බව ප්‍රකාශ කළාය.
පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙල සාර්ථකව පැවැත්වීම පිළිබඳව චීනය අගය කරන අතර එම ක්‍රීඩා උළෙල සාර්ථක ලෙස නිමාවට පත් වේවායි ප්‍රාර්ථනා කරන බව Mao Ning මහත්මිය පැවසුවාය.
මීට අමතරව, සර්බියානු රජයේ ආරාධනයෙන් Shen Yiqin මහත්මිය අගෝස්තු 12 සිට 14 දක්වා සර්බියාවේ සංචාරය කිරීමට ද නියමිතය.
මෙම සංචාරයේදී, Shen Yiqin මහත්මිය සර්බියානු නායකයින් සමඟ රාජ්‍ය නායකයින් දෙදෙනා විසින් ඇති කර ගත් වැදගත් එකඟතාවය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ගැඹුරු සන්නිවේදනයක් පවත්වනු ඇත. එසේම, චීන-සර්බියා සබඳතාව නව තලයකට ගෙන යාමේ අරමුණෙන් යුක්තව ප්‍රායෝගික සහයෝගීතාව සහ මානුෂික හා සංස්කෘතික හුවමාරු තවදුරටත් ගැඹුරු කිරීම පිළිබඳව දෙපාර්ශ්වය සාකච්ඡා කරනු ඇති බව ද Mao Ning මහත්මිය පැවසුවාය.