ණය තිරසරභාවය සඳහා ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 100ක ණයක්
2024-08-08 15:03:12
Share with:

ශ්‍රී ලංකාවේ ණය තිරසරභාවය ඇති කරලීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග සහ ඊට අදාළ ආයතනික පද්ධතිය ශක්තිමත් කිරීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව මඟින් ඇ.ඩො මිලියන සීයක ණය මුදලක් මෙරටට ලබාදී තිබේ.

මෙම ණය මුදල සම්බන්ධයෙන් වූ ගිවිසුමට අත්සන් තැබීම 06 වැනිදා මුදල් අමාත්‍යාංශයේදී සිදු කෙරිණ.

ශ්‍රී ලංකාවේ විදුලිබල අංශයේ දියුණුවට සහ බලශක්ති ක්ෂේත්‍රයේ පරිවර්තනයන් කිරීම සඳහා ඩොලර් මිලියන 300ක ණය මුදලක් ආසියානු සංවර්ධන බැංකුව මඟින් මෙරටට ලබා දී ඇති බව ඔවුන් නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබේ.  එම ණය මුදල වැඩසටහන් තුනක් සඳහා ලබා දෙන අතර එහි එක් පියවරක් ලෙස ඩොලර් මිලියන 100ක ණය මුදල මෙවර ලබා දුන් බව එහි වැඩි දුරටත් සඳහන් වේ.

ශ්‍රී ලංකා රජය වෙනුවෙන් භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන මහතා සහ ආසියානු සංවර්ධන බැංකුව වෙනුවෙන් එහි ශ්‍රී ලංකා නේවාසික දූත මණ්ඩලයේ අධ්‍යක්ෂ Takafumi Kadono මහතා ගිවිසුමට අත්සන් තැබූහ.

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම