තහනම් උත්තේජක උල්ලංඝනය කිරීම් පිළිබඳව ඇමරිකාව වසන් කිරීම සම්බන්ධයෙන් විමර්ශනයක් ක්‍රියාත්මක කළ යුතු බව චීන තහනම් උත්තේජක විරෝධී මධ්‍යස්ථානය යළි ප්‍රකාශ කරයි
2024-08-08 19:43:31
Share with:

“තහනම් උත්තේජක උල්ලංඝනය කිරීම් පිළිබඳව ඇමරිකාව වසන් කිරීම සම්බන්ධයෙන් ස්වාධීන විමර්ශනයක් ක්‍රියාත්මක කිරීමේ ඉල්ලීම” නැමති නිවේදනය චීන තහනම් උත්තේජක විරෝධී  මධ්‍යස්ථානය අද(8) සමාජ මාධ්‍ය ගිණුමෙහි පළ කර ඇත. 

ඇමරිකානු කොන්ග්‍රසය හා ඇමරිකානු තහනම් උත්තේජක විරෝධී ආයතනය, සිය රජයේ ඇති දරුණු තහනම් උත්තේජක ප්‍රශ්න කෙරෙහි නිසි අවධානය යොමු කළ යුතු බව එම නිවේදනයෙන් සඳහන් කෙරිණ. තම රටේ තහනම් උත්තේජක විරෝධී කටයුතු ශක්තිමත් කරමින් වෙනත් රටවල තහනම් උත්තේජක විරෝධී වැඩකටයුතු කෙරෙහි සිදු කරන බලහත්කාර මැදිහත්වීම් වහාම නතර කරන ලෙස ද චීන තහනම් උත්තේජක විරෝධී  මධ්‍යස්ථානය, ඇමරිකානු කොන්ග්‍රසයෙන් හා ඇමරිකානු තහනම් උත්තේජක විරෝධී ආයතනයෙන් ඉල්ලා සිටී. එමෙන්ම ඇමරිකානු තහනම් උත්තේජක  විරෝධී ආයතනය “ලෝක තහනම් උත්තේජක විරෝධී රෙගුලාසි” දරුණු ලෙස උල්ලංඝනය කිරීමේ ක්‍රියාවන් වසන් කිරීම කෙරෙහි ස්වාධීන විමර්ශනයක් ක්‍රියාත්මක කරන ලෙස ද ඉල්ලීමක් කර ඇත. 

ඇමරිකානු තහනම් උත්තේජක විරෝධී ආයතනයේ ක්‍රියාවන්, ක්‍රීඩාවේ සාධාරණ තරඟකාරිත්වයට සහ විනය ගරුක ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ අයිතිවාසිකම්වලට බරපතල හානි සිදු කර තිබේ. එම ආයතනය සිදු කළ තහනම් උත්තේජක විරෝධී අධීක්ෂණයන් විනිවිදභාවයෙන් තොර වූ බව ඉන් පිළිබිඹු වේ.

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම