චීන රජය ගෙවුණු මාස හතේ විදේශ වෙළඳාම පිළිබඳ දත්ත ඊයේ (7) නිකුත් කළේ ය. එම දත්තවලින් පෙන්නුම් කෙරෙන්නේ එම කාලය තුළ චීන විදේශ වෙළඳාම 2023 වසරේ අදාළ කාල සීමාවට සාපේක්ෂව ඉහළ ගොස් වාර්තාගත වර්ධනයක් අත්කර ඇති බවයි. වර්තමානයේ පවතින භූ දේශපාලන අවදානම් හා ගෝලීය සැපයුම් ජාලයන්ට එල්ල වූ බාධා හමුවේ වුව ද චීන විදේශ වෙළඳාම මෙවන් ප්‍රගතියක් ලබාගැනීම පහසු කාර්යයක් නොවේ. විදේශ වෙළඳාම රටක ආර්ථික ක්රියාකාරීත්වයේ වැදගත් මිනුම් දණ්ඩයකි. විදේශ වෙළඳාම ස්ථාවර ලෙස වර්ධනය වීමෙන් චීනයට සිය ආර්ථිකය අඛණ්ඩ නම්යශීලිත්වයකින් ඉදිරියට පවත්වාගෙන යාමට හැකි වනු ඇත. එපමණක් නොව එම ස්ථාවර වර්ධනය ලෝකයට ද වාසි සහගත තත්ත්වයක් උදා කර දෙයි.
විදේශ වෙළඳ ක්ෂේත්රයේ ලබාගත් ජයග්‍රහණ සමග චීනය වැඩිදුරටත් ආනයන පුළුල් කරන හෙයින් සෙසු රටවලට ද චීනයේ දැවැන්ත වෙළඳපොළ තුළින් වෙළඳ හා වාණිජමය අවස්ථා හිමිකරගැනීමට වඩාත් පහසුකම් සැලසේ. නව ගුණාත්මක ඵලදායීතාවට වැඩි අවධානය යොමු කරන චීන ව්‍යවසායන් සෙසු රටවල යටිතල පහසුකම් සංවර්ධනය සඳහා නවීන තාක්ෂණය භාවිත කරයි. චීන ව්‍යවසායන් නව බලශක්ති මෝටර් රථ නිෂ්පාදනය මගින් ද එම රටවල කාර්මික ප්‍රතිව්‍යූහගතකරණයට සක්‍රිය දායකත්වය ලබා දීම ද කැපීපෙනේ.
මෑත වසරවල චීන විදේශ වෙළඳාම සාමාන්‍ය වාර්ෂික අනුපාතයකින් එනම්, යුවාන් ට්‍රිලියන 1.6කින් වර්ධනය වී තිබේ. එය මධ්‍යම ප්‍රමාණයේ රටක සමස්ත වාර්ෂික ආනයන හා අපනයන පරිමාවට සමාන වේ. එබැවින් චීන විදේශ වෙළඳාම ප්‍රකෘතිමත් වෙමින් පවතින ලෝක ආර්ථිකයට එක් කළ එම ජවය ඉතා අගනා ය.
චීනය ඉදිරියේදී ප්‍රතිසංස්කරණය වඩාත් පුළුල් කරමින් ඉදිරියට ගෙන යන බව පසුගිය දා පැවති චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වැනි මධ්‍යම කාරක සභාවේ 3 වැනි පූර්ණ සැසිය අවධාරණය කර ඇත. ඊට අදාළව චීන රජය සැලසුම් හා ප්‍රතිපත්ති සකස් කරමින් සිටී. මෙය චීන විදේශ වෙළඳාමට ප්‍රබල පිටුබලයක් සපයා දෙනු ඇතැයි ද විශ්වාස කෙරේ.