චීනය ගෝලීය මානව සමාජයට නව්‍ය අනාගතයක් නිර්මාණය කරනු ඇත
2024-08-07 15:28:42
Share with:

පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාව ගොඩනැගීම, චීන ජනාධිපති ෂී ජින් පිං මහතාගේ රාජ්‍යතාන්ත්‍රික කටයුතු පිළිබඳ චින්තනයේ කේන්ද්‍රීය සංකල්පයයි. එය නව යුගයේ චීන ලක්ෂණයන් සහිත විශාල රාජ්‍යයේ රාජ්‍යතාන්ත්‍රික කාර්යයන් හි ප්‍රධාන අර්මුණ ද වේ. දැවැන්ත රටක නායකයෙකු ලෙස මේ වසර ආරම්භයේ සිට ඔහු සිය ගෝලීය දැක්ම, ගෝලීය සංකල්ප හා යුගයේ වගකීම් සහිතව විවිධ රටවල නායකයන් සමග රාජ්‍යතාන්ත්‍රික කටයුතු සක්‍රිය ලෙස සිදු කර ඇත. ඒ ඒ රටවල් සමඟ නවීකරණය ඉටු කිරීමේ මාවත ඔස්සේ ඉදිරියට යමින් මානව සමාජයට වඩා සුන්දර අනාගතයක් නිර්මාණය කිරීම ඔහුගේ අපේක්ෂාව වී ඇත.

පසුගිය ජූලි මස ෂී ජින් පිං මහතා සිදු කළ මධ්‍යම ආසියානු සංචාරය මගින් ක්‍රියාවට නැංවුණේ ද්විපාර්ශ්වික මට්ටමේ චීන-කසක්ස්ථාන, චීන-ටජිකිස්ථාන පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාව ප්‍රවර්ධනය කිරීම පමණක් නොවේ. කලාපීය හා ජගත් සංවිධාන මට්ටමෙන් වඩාත් සමීප චීන-මධ්‍යම ආසියා පොදු ඉරණමක් සහිත ප්‍රජාව මෙන්ම ශැංහයි සහයෝගිතා සංවිධානයේ පොදු ඉරණමක් සහිත ප්‍රජාවක් ගොඩනැගීමට ද එය පෙළඹවීමක් වී තිබේ. අසල්වැසිභාවය පදනම් වන පොදු ඉරණමක් සහිත ප්‍රජාව ගොඩනැගීමේ නව ඉදිරිදැක්මක් ඒ සමගම ආරම්භ කර ඇත.

මේ වසරේ මැයි මස රුසියානු ජනාධිපති ව්ලැඩ්මිර් පූටින් මහතා චීනයේ නිල සංචාරයක් සිදු කළේය. නායක දෙපළ අතර හමුවේදී ෂී ජින් පිං ජනාධිපතිවරයා පැවසුවේ විශාල අසල්වැසි රටවල් දෙකක් වශයෙන් දෙරට සෑම විටම සාමකාමී සහජීවනයේ මූලධර්ම පහට අනුගතව කටයුතු කළ යුතු බවයි. එසේම අන්‍යෝන්‍ය ගරු කිරීම, සමානාත්මතාවය හා අන්‍යෝන්‍ය විශ්වාසය, එකිනෙකාගේ අවශ්‍යතාවන් සැලකීම යන මූලධර්ම අනුගමනය කරමින් සැබැවින්ම එකිනෙකාගේ සංවර්ධනයේ පුනරුත්ථාපනයට අනුබල දිය යුතු බව ද ෂී ජින් පිං මහතා සඳහන් කළේය.

2024 වසරේ ෂී ජින් පිං මහතාගේ පළමු විදෙස් සංචාරය වූයේ යුරෝපා සංචාරයයි. ප්‍රංශය, සර්බියාව හා හංගේරියාව යන රටවල් වෙත සිදු කළ එම නිල සංචාරය මගින් ඔහු චීන-යුරෝපා හවුල්කාරීත්වයේ සබඳතාව ගමන් කළ යුතු නිවැරදි දිශාව පෙන්වා උපදෙස් ලබා දුන්නේය. එය එම නිල සංචාරයේ වැදගත් උපායමාර්ගික ප්‍රවේශයකි.  

චීනය හා ඇමරිකාව අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතාව ස්ථාපිත කිරීමේ 45 වන සංවත්සරය මේ වසරේ සනිටුහන් කර ඇත. පසුගිය අප්‍රේල් මස ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන්ගේ ආරාධනාවට අනුව, ෂී ජින් පිං මහතා සහ බයිඩන් මහතා අතර දුරකථන සාකච්ඡාවක් පැවැත්විණ. මේ වසරේ චීන-ඇමරිකානු සබඳතාව ප්‍රධාන මූලධර්ම තුනක් අනුගමනය කළ යුතු බව ෂී ජින් පිං මහතා එහි දී සඳහන් කළේය. එනම්, සාමය, ස්ථාවරත්වය හා අන්‍යෝන්‍ය විශ්වාසයයි. ඒ අනුව, දැවැන්ත රටවල් අතර සම්බන්ධීකරණය හා ධනාත්මක හුවමාරු ප්‍රවර්ධනය කිරීමටත්, සාමකාමී සහජීවනය, සමස්ත ස්ථාවරත්වය සහ සමබර සංවර්ධනය පිළිබඳ දැවැන්ත රටවල් අතර සබඳතා ව්‍යුහයක් ගොඩනැගීම ප්‍රවර්ධනය කිරීමටත් චීනය උත්සාහ කරයි. වගකින විශාල රටක යහපත් ස්වරූපය මෙයින් පිළිබිඹු වී තිබේ.

මේ වසර ආරම්භයේ සිට මේ දක්වා චීනය, බහුපාර්ශ්වික යාන්ත්‍රණයේ කාර්යභාරයන් ඉටු කිරීමට අවධානය යොමු කර තිබේ. සැබෑ බහුපාර්ශ්විකවාදය ක්‍රියාත්මක කර " ගෝලීය දකුණේ ” රටවල් අතර සමගිය සහ සහයෝගිතාව ප්‍රවර්ධනය කර ගෝලීය පරිපාලන ක්‍රියාවලියට චීනය සක්‍රියව එක්ව සිටී.

ෂී ජින් පිං මහතාගේ රාජ්‍ය තාන්ත්‍රික චින්තනයේ උපදෙස් මත, චීන ලක්ෂණයන් සහිත දැවැන්ත රාජ්‍යයක රාජ්‍යතාන්ත්‍රික ව්‍යායාමය අඛණ්ඩව නව ප්‍රවේශ නිර්මාණය කර ඇත. පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාව ගොඩනැගීම ප්‍රවර්ධනය කරන චීනය, ගෝලීය සංවර්ධන, ආරක්ෂක සහ සංස්කෘතික යන මුලපිරුම් ත්‍රිත්වය සක්‍රිය ලෙස ක්‍රියාත්මක කරයි. එසේම විවිධ රටවල් සමග එක්ව මානව සමාජයට නව්‍ය අනාගතයක් නිර්මාණය කිරීම චීනයේ අපේක්ෂාවයි. ඒ, සිය නවීකරණයේ ජයග්‍රහණ මගින් සෙසු රටවලට නව අවස්ථා සලසමිනි.

ගුවන් විදුලිය
20241120බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම