බංග්ලාදේශයේ තාවකාලික රජය ස්ථාපිත කෙරේ. නොබෙල් සාම ත්‍යාගලාභී Muhammad Yunus තාවකාලික රජයේ ප්‍රධාන උපදේශකයා ලෙසට පත් කර ඇති අතර ඔහු එම තාවකාලික රජයට නායකත්වය ලබා දෙන බව එරට වාර්තා අද(07) උදෑසන සඳහන් කර තිබිණ.
එමෙන්ම තාවකාලික රජයේ සෙසු නායකයන් විවිධ දේශපාලන පක්ෂ සමග සාකච්ඡා කිරීමෙන් පසු නම් කරනු ලබන බව ඇමරිකාවේ AP ප්‍රවෘත්ති සේවය වාර්තා කරයි.
පසුගිය 5 වැනිදා බංග්ලාදේශ අගමැතිනි Sheikh Hasina ධුරයෙන් ඉල්ලා අස්විය. ඒ අනුව එරට පාබල හමුදා මණ්ඩලික ප්‍රධානියා ප්‍රකාශ කළේ තාවකාලික රජයක් ස්ථාපිත කරනු ඇති බවයි. එමෙන්ම පාර්ලිමේන්තුව විසුරුවා හරින බව එරට ජනාධිපතිවරයා ඊයේ(06) ප්‍රකාශයට පත් කළේය.
බංග්ලාදේශයේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් අදහස් දක්වමින් චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශකයා පැවසුවේ මිත්‍ර අසල්වැසි රටක් හා චීනය සමග පූර්ණ උපායමාර්ගික හවුල්කාරීත්වයක් පවතින රටක් වන බංග්ලාදේශය කඩිනමින් යථා තත්ත්වයට පත් වනු ඇතැයි චීනයේ අපේක්ෂාව බවයි.