ජපානය න්‍යෂ්ටික දූෂිත ජලය මුහුදට මුදා හැරීම දැඩි වගකීම් විරහිත ක්‍රියාවක් බව චීනය යළිත් අවධාරණය කරයි
2024-08-07 20:22:05
Share with:

ජපානය න්‍යෂ්ටික දූෂිත ජලය මුහුදට මුදා හැරීම ඉතාම වගකීම් විරහිත ක්‍රියාවක් බව චීන විදේශ අමාත්‍යංශ‍යේ ප්‍රකාශිකා මාඕ නිං මහත්මිය ප්‍රකාශ කරයි.

 ජපානයේ ටෝකියෝ විදුලි බල නිපැයුම් සමාගම 8වැනි වතාවට ෆුකුෂිමා න්‍යෂ්ටික විදුලි බලාගාරයේ න්‍යෂ්ටික දූෂිත ජලය මුහුදට මුදා හැරීම ආරම්භ කළේය. අද(7) සිට අගෝස්තු 25වනදා දක්වා ටොන් 7800ක න්‍යෂ්ටික දූෂිත ජලය මුහුදට මුදා හරිනු ඇතැයි තක්සේරු කෙරේ. 

න්‍යෂ්ටික දූෂිත ජලය මුහුදට මුදා හැරීමේ සුරක්ෂිතතාව, පවිත්‍රකරණ උපකරණවල විශ්වසනීයත්වය, අධීක්ෂණ සැකසීමේ ඵලදායිතාව කෙරේ ජගත් ප්‍රජාව දක්වන සැලකිල්ල නොතකා ජපානය අඛණ්ඩව එසේ මුහුදට න්‍යෂ්ටික දූෂිත ජලය මුදා හැරීම, සැඟවුණු අවදානම මුළු ලෝකයට පවරා දෙන අතිශයෙන් වගකීම් විරහිත ක්‍රියාවක් බව මාඕ නිං මහත්මිය පවසා ඇත.

අසල්වැසි රටවල් ඇතුළු, ඉන් බලපෑමට ලක්වන පාර්ශ්වයන්ගේ සහභාගීත්වයෙන් යුතු, ස්වාධීන, ඵලදායක හා දිගු කාලීන ජාත්‍යන්තර අධීක්ෂණ සැකසීමකට සහයෝගය දක්වන ලෙස චීනය ජපානයෙන් ඉල්ලා සිටින බව ඇය ප්‍රකාශ කර ඇත.

ගුවන් විදුලිය
20241102සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම