චීනය සහ පාකිස්ථානය එකිනෙකාගේ දුක්පීඩා මෙන්ම ප්‍රතිලාභ ද එක සේ බෙදා ගත හැකි, සියලු ක්ෂේත්‍රවල උපායමාර්ගික හවුල්කරුවන් වන බව චීනය කියාසිටී. දෙරට අතර පවතින සම්බන්ධතාවයේ ස්වභාවය පිළිබඳ විග්‍රහ කරමින් චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකා Mao Ning මහත්මිය මේ බව සඳහන් කළාය.
පාකිස්ථානයට තම ආර්ථිකය දියුණු කිරීම, ජනතා ජීවනෝපාය වැඩිදියුණු කිරීම සහ මූල්‍ය ස්ථාවරත්වය පවත්වා ගැනීම සඳහා චීනය සෑම විටම සහයෝගය ලබාදෙයි. එසේම දෙරට අතර බලශක්ති සහයෝගිතා පිළිබඳ පුළුල් උපදේශන, ඒකාබද්ධ ඉදිකිරීම් සහ බෙදාගැනීම යන මූලධර්මවලට අනුගත වන අතර, වෙළඳපොළ නීති ද නිසි අයුරින් අනුගමනය කරන බව Mao Ning මහත්මිය පැවසුවා ය.
චීන-පාකිස්ථාන ආර්ථික කොරිඩෝව යටතේ නිම කරන ලද බලශක්ති ව්‍යාපෘති, පාකිස්ථානයේ දේශීය බලශක්ති හිඟය බෙහෙවින් සමනය කර ඇත. එරට සමස්ත විදුලි පිරිවැය ද එමගින් කැපීපෙනෙන ලෙස අඩු වී ඇති අතර, ආර්ථික හා සමාජ සංවර්ධනය ද සහතික කර තිබේ. ඒකාබද්ධ ප්‍රයත්න ඔස්සේ, ද්විපාර්ශ්වික බලශක්ති සහයෝගිතා තිරසර සංවර්ධනයක් අත්කර ගනු ඇති බවත්, දෙරටට වඩා උසස් මට්ටමේ ප්‍රතිලාභ ලබා ගැනීමට හැකි වනු ඇති බවත් Mao Ning මහත්මිය සඳහන් කළා ය.