චීන විදේශ අමාත්‍යවරයා ජෝර්දානයේ සහ ඊජිප්තු රජයේ නායකයින් සමග දුරකථන සාකච්ඡාවක
2024-08-07 09:37:10
Share with:

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ සාමාජික, විදේශ ඇමති වං යී මහතා ‍ජෝර්දාන උප අග්‍රාමාත්‍ය, විදේශ ඇමති Ayman Safadi මහතා සමග ඊයේ(6) දුරකථනයෙන් සාකච්ඡා කරමින් මැද පෙරදිග ප්‍රදේශයේ තත්ත්වය පිළිබඳ අදහස් හුවමාරු කර ගෙන ඇත.

පලස්තීන-ඊශ්‍රායල ගැටුම් සම්බන්ධයෙන් චීනය යුක්ති සහගත මෙන්ම විෂය මූලික ස්ථාවරයක් අඛණ්ඩව දරන බව Ayman Safadi මහතා එහිදී කියා සිටියේය. චීනය සමග අඛණ්ඩව සංවාද පවත්වන අතර සටන් විරාමය වෙනුවෙන් චීනය වඩාත් වැදගත් දායකත්වය ලබා දෙනු ඇතැයි ජෝර්දානය අපේක්ෂා කරන බව හෙතෙම අවධාරණය කළේය.

පලස්තීන-ඊශ්‍රායල ගැටුම විසඳීම සහ මැද පෙරදිග කලාපයට සාමය උදා කරගැනීම වෙනුවෙන් ජෝර්දානය සිදු කරන සුවිශේෂ කාර්යභාරයට චීනය ප්‍රශංසා පළ කරන අතර ජොර්දානය සමග සංවාද හා සම්බන්ධීකරණ පවත්වමින් සටන් විරාම සාකච්ඡා කඩිනමින් යළි ආරම්භ කිරීමට කැමැත්තෙන් සිටින බව වං යී මහතා එහිදී පැවසීය.

එමෙන්ම එදින ඊජිප්තු විදේශ ඇමති Badr Abdelatty මහතා සමග ද දුරකථනයෙන් සාකච්ඡා කරමින් වං යී මහතා පැවසුවේ ගාසා තීරයේ උභතෝකෝටිකය විසඳීම වෙනුවෙන් චීනය පියවර තුනකින් සමන්විත යෝජනාවක් ඉදිරිපත් කරන බවයි. සම්පූර්ණයෙන්ම සටන් විරාමයක් ක්‍රියාත්මත කිරීම, පලස්තීන ජාතිකයන් පලස්තීනය පාලනය කිරීමේ මූලධර්මය යටතේ  ගාසා තීරයේ පශ්චාත් යුද පාලනය ප්‍රවර්ධනය කිරීම, “ද්විරාජ්‍ය විසඳුම” ප්‍රායෝගිකව ක්‍රියාවට නැංවීම එම යෝජනාවට ඇතුළත් ය. වත්මන් තත්ත්වය තවදුරටත් උග්‍ර වීම වැළැක්වීමට විවිධ පාර්ශ්ව සමග ඒකාබද්ධව කටයුතු දැරීම සඳහා චීනය උත්සහා දරන බව ද වං යී මහතා එහිදී පෙන්වා දී ඇත

ගුවන් විදුලිය
20241103ඉරිදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම