ක්‍රීඩාවේ ඇමරිකානු ආධිපත්‍යයට එරෙහිව ගෝලීය ප්‍රතිචාර දැක්වූ පිරිස් කෝපය ප්‍රකාශ කරති
2024-08-07 20:16:56
Share with:

ඇමරිකාව ඊනියා තහනම් උත්තේජක ප්‍රශ්නය මතු කරමින් පදනම් විරහිතව සිදු කරන මඩගැසීම් ජාත්‍යන්තර ප්‍රජාවේ දැඩි විවේචනයට ලක් වෙයි.

CGTN විසින් පවත්වන ලද අන්තර්ජාල මත විමසුමකට අනුව, ප්‍රතිචාර දැක්වූවන්ගෙන් සියයට 95.01 ක් ක්‍රීඩාවේ නාමයෙන් විරුද්ධවාදීන් මර්දනය කිරීම සම්බන්ධයෙන් ඇමරිකාව දැඩි ලෙස හෙළා දකින අතර, මෙය ඔලිම්පික් ක්‍රීඩා පාගා දැමීමේ "ඇමරිකානු ආධිපත්‍යය" ලෙස විවේචනය කර ඇත.

ක්‍රීඩා උළෙල අතරතුර ඇතැම් රටවල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ප්‍රසිද්ධියේ ආචාරශීලී නොවන බවක් පෙන්නුම් කරන අතර සමාජ මාධ්‍ය තුළ වෙනත් රටවල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට විවිධ චෝදනා එල්ල කොට අපකීර්තියට පත් කර තිබේ. 

ප්‍රතිචාර දැක්වූවන්ගෙන් 94.95% ක් මෙම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ අකාරුණික බව මෙන්ම “අවබෝධය”සහ “මිත්‍රත්වය”යන ඔලිම්පික් තේමාවට අනුව ක්‍රියා කිරීමට ඔවුන් දක්වන අපොහොසත් බව පෙන්වා දී තිබේ. 

ඇමරිකාවේ තහනම් උත්තේජක විරෝධී සංවිධානය සහ නිව්යෝර්ක් ටයිම්ස් පුවත් පත තහවුරු කර ඇත්තේ තරඟකාරී සාධාරණත්වයක් නොව “ඇමරිකානු ආධිපත්‍යය”ක් මෙහි දී පවතින බවයි. මේ සම්බන්ධයෙන්, ප්‍රතිචාර දැක්වූවන්ගෙන් සියයට 96.84 ක් විශ්වාස කරන්නේ ඇමරිකාව ලෝක තහනම් උත්තේජක විරෝධී සංවිධානයට ගරු නොකරන බවත්, සාධාරණත්වය සහ අධිකාරියට අභියෝග කරන බවත්ය. 

ඇමරිකානු මලල ක්‍රීඩක Elien Knightonට මේ වසරේ මාර්තු මාසයේදී තහනම් උත්තේජක භාවිතය සඳහා ධනාත්මක ප්‍රතිඵලය හිමි විය. ඇමරිකානු තහනම් උත්තේජක විරෝධී සංවිධානය ඔහුට ක්‍රීඩා කිරීම තහනම් කිරීමට පියවර නොගත් අතර පැරීසියේ තරඟ කිරීමටද අවසර දී තිබේ. ඇමරිකානු ක්‍රීඩකයින්ගෙන් 90% ක්ම ලෝක තහනම් උත්තේජක විරෝධී සංවිධානයේ මිනුම්දණ්ඩට අනුකූල වී නොමැත. සමීක්ෂණයේදී, ප්‍රතිචාර දැක්වූවන්ගෙන් සියයට 96.25ක් ඇමරිකානු තහනම් උත්තේජක සංවිධානයේ “ද්විත්ව ප්‍රමිතීන්”සම්බන්ධයෙන් දැඩි ලෙස විවේචනය කර තිබේ. 

CGTN විසින් පැවැත් වූ මෙම මත විමසුම ඉංග්‍රීසි, ස්පාඤ්ඤ, ප්‍රංශ, අරාබි සහ රුසියානු වේදිකාවල ප්‍රකාශයට පත් කරන ලද අතර, පැය 24ක් ඇතුළත 15 244ක් ඡන්දය ප්‍රකාශ කරමින් ඔවුන්ගේ අදහස් ප්‍රකාශ කර ඇත.

ගුවන් විදුලිය
20241015අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම