උතුරේ ධීවරයන් 27,760කට චීනයෙන් නවීන දැල්
2024-08-07 16:05:57
Share with:

චීන රජයේ ආධාර මත උතුරු නැඟෙනහිර ධීවරයන්ට නොමිලේ දැල් ප්‍රදානය කිරීමේ වැඩසටහන යටතේ කිළිනොච්චියේ සහ යාපනයේ ධීවරයන් 27,760කට නවීන පන්නයේ දැල් ප්‍රදානය කිරීමට සැලසුම් කර තිබේ.

යාපනයේ ධීවරයන් 26,700කට සහ කිළිනොච්චියේ ධීවරයන් 1,060කට මෙම දැල් ලැබෙන අතර, මේ සඳහා චීන රජය රුපියල් මිලියන 1500ක් වැය කර ඇත. එම දැල් තොග ඉදිරි සතියකදී ධීවර ජනතාව අතර බෙදාදීමට නියමිතය.

මසුන් මැරීමේ කටයුතු සඳහා චීන රජයේ ධීවර කටයුතු පිළිබඳව වූ පර්යේෂණ අංශ විසින් වැඩිදියුණු කරන ලද මෙම දැල්, විෂ නොමැති නූල් විශේෂයකින් නිපදවා ඇති බව සඳහන් වේ.

ගුවන් විදුලිය
20241030බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම