චීනයේ සංවර්ධනය තම රටට ආදර්ශයක් සහ නව විසඳුම් සපයා ඇති බවට පාකිස්ථාන අග්‍රාමාත්‍යවරයාගෙන් ප්‍රකාශයක්
2024-08-07 11:43:38
Share with:

චීනයේ සංවර්ධනය තම රටට ආදර්ශයක් සහ නව විසඳුම් සපයා දී ඇතැයි පාකිස්ථාන අග්‍රාමාත්‍ය Shahbaz Sharif මහතා පවසයි.

Shahbaz Sharif මහතා මෙම අදහස් පළකළේ ඊයේ(6) ඉස්ලාමාබාද් අගනුවර අගමැති මන්දිරයේදී චීන මාධ්‍ය සමූහය සමග පැවැත්වූ විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි.

චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වැනි මධ්‍යම කාරක සභාවේ තුන්වැනි පූර්ණ සැසිවාරය මහලේකම් ෂී ජින්පිං මහතාගේ දූරදර්ශී බව මනාව පිළිබිඹු කළ ඉතා සාර්ථක රැස්වීමක් යැයි හෙතෙම එහිදී පැවසීය.

චීන කොමියුනිස්ට් පක්ෂයේ නායකත්වය යටතේ, චීන ජනතාව චීනය ලොව දෙවැනි විශාලතම ආර්ථික ඒකකය බවට පත් කර සමස්ත චීන ජනතාවට දරිද්‍රතාවයෙන් මිදී පොදු සමෘද්ධිය කරා ගමන් කිරීමට හැකි ප්‍රාතිහාර්යයක් නිර්මාණය කර ඇත. මේ සියල්ල දූරදර්ශී උපායමාර්ගික සැලසුම්වල ප්‍රතිඵලයක් බව Shahbaz Sharif මහතා විශ්වාසය පළ කළේය.

චීනයේ සංවර්ධනය තම රටට උදාහරණ සහ නව විසඳුම් සපයා දී ඇති අතර පාකිස්ථානය චීනයේ සංවර්ධන මාවත අනුගමනය කරමින්  ස්වාධීන හා වේගවත් සංවර්ධනයක් අත්කර ගත යුතු බව හෙතෙම අවධාරණය කළේය.

චීන-පාකිස්ථාන ආර්ථික කොරිඩෝව“එක් තීරයක් එක් මාවතක්”වැඩපිළිවෙළේ නියමු ව්‍යාපෘතියක් වන අතර, එයින් පාකිස්ථානයට විශාල ප්‍රතිලාභයක් ලැබී තිබේ. පාකිස්ථාන-චීන ආර්ථික කොරිඩෝවේ දෙවන අදියර ගොඩනැගීම ප්‍රයෝජනයට ගනිමින් ද්විපාර්ශ්වික සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කළ යුතු බව ද Shahbaz Sharif මහතා සඳහන් කළේය.

දෙපාර්ශ්වයේම ඒකාබද්ධ උත්සාහයන් සමග චීනය සහ පාකිස්තානය ලෝකයේ සංවර්ධනය, සමෘද්ධිය හා සාමය පිළිබඳ ආදර්ශයක් බවට පත්වනු ඇතැයි තමා විශ්වාස කරන බව ද පාකිස්ථාන අග්‍රාමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

ගුවන් විදුලිය
20241120බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම