ඇමරිකාවේ ඩිමොක්‍රටික් ජනාධිපති සහ උප ජනාධිපති අපේක්ෂකයින් නම් කෙරේ
2024-08-07 10:53:05
Share with:

ඇමරිකා උප ජනාධිපති Kamala Harris  සහ මිනසෝටා ප්‍රාන්ත ආණ්ඩුකාර Tim Walz  2024 ඇමරිකා ජනාධිපතිවරණයේ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති අපේක්ෂක සහ උප ජනාධිපති අපේක්ෂක ලෙස නිල වශයෙන් නාමයෝජනා පිළිගෙන ඇති බව ඩිමොක්‍රටික් ජාතික කමිටුව ඊයේ(6) නිවේදනය කළේය. එ අනුව ඊයේ පෙන්සිල්වේනියාවේ ෆිලඩෙල්ෆියා හි පැවති  මැතිවරණ ප්‍රචාරක රැලියකට Kamala Harris  සහ  Tim Walz  පළමු වරට එක්ව පෙනී සිටී ඇත.

2024 ඇමරිකා ජනාධිපතිවරණය එළඹෙන නොවැම්බර් මස මුලදී පැවැත්වීමට නියමිත ය. ඉකුත් ජූලි 21 වැනිදා, දේශපාලනික වශයෙන් සහ මහජන මතයේ පීඩනය යටතේ නැවත මැතිවරණයකට තරග නොකරන බවත්, ඩිමොක්‍රටික් ජනාධිපති අපේක්ෂකයා ලෙස Kamala Harris වෙනුවෙන් සහාය දෙන බවත් ඇමරිකා ජනාධිපති Joe Biden මහතා ප්‍රකාශ කළේය. එරට වාර්තා සඳහන් කරනුයේ Kamala Harris ඉක්මනින්ම ඩිමොක්‍රටික් පක්ෂය තුළ පුළුල් සහයෝගයක් ලබා ගෙන ඇති බවයි.

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම