ආර්ථික ස්ථාවරත්වය සඳහා වගකිව යුතු පක්ෂවලින් සමන්විත නව දේශපාලන ක්‍රමයක් ඇති කළ යුතු බව ජනපති පවසයි
2024-08-07 15:49:50
Share with:
රටේ ආර්ථිකය ස්ථාවරව ඉදිරියට ගෙන යාමට නම් වගකිව යුතු පක්ෂවලින් සමන්විත නව දේශපාලන ක්‍රමයක් ඇති කළ යුතු බවත්, රටේ ඉදිරි ගමන තීරණය කිරීමේ වගකීම මෙවර ජනාධිපතිවරණයේ දී ජනතාව වෙත පැවරී ඇති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.
ප්‍රාදේශීය මාධ්‍යවේදීන් ඇගයීම වෙනුවෙන් “රට වටා මාධ්‍යවේදියෝ”සංවිධානය පැවැත්වූ "ගෞරවාර්ථ හරසර" උත්සවයට එක් වෙමින් ජනාධිපතිවරයා මේ බව පැවසීය.
ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ගේ ගැටළු සහ පැමිණිලි ඉදිරිපත් කිරීමට මාධ්‍ය කොමිසමක් ස්ථාපිත කර ඔවුන්ගේ සේවා ගිවිසුම් පිළිබඳ සොයා බැලීමට එම කොමිසමට බලතල ලබාදීම පිළිබඳව අවධානය යොමු කරන බව වික්‍රමසිංහ මහතා එහි දී සඳහන් කළේය.