දුම් පරීක්ෂාව, රක්ෂණාවරණය සහ වාහන බලපත්‍රය එකම ස්ථානයකින් ලබා දීමට පියවර
2024-08-06 16:06:00
Share with:

වාර්ෂිකව නව වාහන බලපත්‍ර ලබා ගැනීමේ දී දුම් සහතිකය, රක්ෂණාවරණය සහ බලපත්‍රය ස්ථාන තුනකින් ලබා ගැනීමේ ක්‍රමය වෙනුවට එකම ස්ථානයකින් සේවා ලබා ගැනීමේ ක්‍රමවේදයක් ඉදිරියේ දී ක්‍රියාත්මක කරන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසයි. ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ ඊයේ (05) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

මෙරට වාර්ෂිකව සිදුකෙරෙන වාහන දුම් පරීක්ෂණ අතරින් වාහන සියයට 20ක් අසමත් වන බවත්  අදාළ වාහන නියමිත ප්‍රමිතියට අනුකූල නොවන බවත් රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටී.

වාහන වායු විමෝචන පරීක්ෂණ ස්ථානයෙන්ම රක්ෂණය සහ වාහන බලපත්‍රයත් ලබාගැනීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙළ ඉදිරි මාස දෙකක් ඇතුළත මුළු දිවයින පුරාම ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත. ඒ සඳහා කිසියම් මුදලක් වැය වෙනු ඇති බවත් අවශ්‍ය පිරිසට පමණක් එම සේවාව ලබා ගත හැකි බවත් හෙතෙම වැඩි දුරටත් පැවසීය.

ගුවන් විදුලිය
20241030බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම