ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ස්ථාවර තැන්පතු සඳහා විශේෂ පොලී අනුපාතිකයක්
2024-08-06 16:04:06
Share with:

වයස අවුරුදු 60ට වැඩි ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ස්ථාවර තැන්පතු සඳහා පොලී අනුපාතිකය 10% දක්වා වැඩිකිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ජනාධිපතිවරයා විසින් පත්කරනු ලැබූ කමිටුවල නිර්දේශ මත පදනම්ව මේ වනවිට තැන්පතු සඳහා ගෙවනු ලබන 7.5%ක පොලී අනුපාතය 2.5%කින් ඉහළ දමා ඇත. එලෙස ගෙවනු ලබන පොලී අනුපාතය සහනාධාරයක් ලෙස රාජ්‍ය බැංකු වෙත ලබාදීමට ජනාධිපතිවරයා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව අවුරුදු 60ට වැඩි ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ උපරිමය රුපියල් මිලියනයක් දක්වා වන ස්ථාවර තැන්පතු සඳහා ලබාදෙනු ලබන වාර්ෂික පොලී අනුපාතිකය 10%ක් ලෙස අවුරුදු 2ක කාලයක් සඳහා ලබාදීමට නියමිතය.

මේ අතර 2016-01-01 දින සිට 2020-01-01 දින දක්වා විශ්‍රාම ගන්නා ලද රාජ්‍ය නිලධාරීන්ට යම් අසාධාරණයක් සිදු වී ඇති බව නිරීක්ෂණය වී ඇති අතර, ඔවුන්ගේ විශ්‍රාම වැ‍ටුප් විෂමතා ඉවත් කිරීම සඳහා උපරිමය රුපියල් 2,500 ක වැඩි වීමක් ලැබෙන පරිදි සංශෝධනය කිරීම පිණිස මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව ද අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.

ගුවන් විදුලිය
20241030බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම