ජනාධිපතිවරණයට අදාළ මාධ්‍ය උපමාන නිකුත් වෙයි
2024-08-06 16:02:00
Share with:

ජනාධිපතිවරණය සඳහා වන මාධ්‍ය උපමාන මැතිවරණ කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත් කිරීමට පියවර ගැනේ.

ජනාධිපතිවරණයේ දී ප්‍රවෘත්ති වාර්තා කිරීම්, සෙසු වාර්තා වැඩසටහන්, දේශපාලන වැඩසටහන් සහ ප්‍රචාරණ කටයුතු සිදුකළ යුතු ආකාරය පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාව විසින් මෙමඟින් දැනුවත් කර ඇත. ඒ අනුව මාධ්‍ය උපමාන බලාත්මක කිරීම හා නිර්දේශ ලබාදීම සඳහා නියෝජිත කමිටුවක් පත්කිරීමට නියමිත බව වාර්තා වේ.

විද්‍යුත් මාධ්‍ය ආයතන, අන්තර්ජාල වෙබ් අඩවි සහ සමාජ මාධ්‍ය වෙබ් අඩවි පරිපාලකයින් සඳහා වන මාධ්‍ය උපමාන මෙන්ම මුද්‍රිත මාධ්‍ය සඳහා ද වෙන් වෙන් වශයෙන් මැතිවරණ කොමිෂන් සභාව විසින් මාධ්‍ය උපමාන ප්‍රකාශයට පත්කර තිබේ.

මේ අතර ජනාධිපතිවරණය සඳහා තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීමේ කාලය ලබන 09 වන දින මධ්‍යම රාත්‍රී දක්වා දීර්ඝ කිරීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත. තැපැලෙන් සිදුවිය හැකි ප්‍රමාදවීම් සහ කොමිෂන් සභාව වෙත සිදුකර තිබූ ඉල්ලීම් සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගත් බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය.

ගුවන් විදුලිය
20241030බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම