ඉරානයෙන් ඊශ්‍රායලයට අනතුරු ඇඟවීමක්
2024-08-06 10:39:19
Share with:
Hamas සංවිධානයේ නායක Ismail Haniya ඉරානයේ දී ඝාතනයට ලක්වීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකායේ ප්‍රධාන අණදෙන නිලධාරී Hossein Salami මහතා ඊයේ (5) ප්‍රකාශ කළේ සුදුසු කාලය පැමිණි විගස ඊශ්‍රායලය වෙත ඉරානය දැඩි ප්‍රතිචාර දක්වනු ඇති බවයි. බොහෝ අවස්ථාවලදී ඉරානයේ න්‍යෂ්ටික විද්‍යාඥයන් ඝාතනය කිරීම මෙන් ම මෙවර Ismail Haniya ඝාතනය කිරීම, ඊශ්‍රායලය සිය දේශපාලන අරමුණු වෙනුවෙන් ගත් කූට උපායමාර්ග බව Hossein Salami මහතා කියා සිටියේය.
දැඩි ප්‍රතිචාර ලැබුණු විට තමන් කළ වරද කෙතරම්දැයි ඊශ්‍රායලය වටහා ගනු ඇතැයි ද ඔහු එහිදී අවධාරණය කළේය.