ෂී ජින් පිං මහතාගේ චීන නවීකරණය සහ ප්‍රතිසංස්කරණ සංකල්පයෙන් ජන මනස සුවපත් කිරීම අඛණ්ඩව
2024-08-06 15:37:49
Share with:

චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ මහ ලේකම් ෂී ජින් පිං මහතා, චීන පන්නයේ නවීකරණය ප්‍රවර්ධනය කිරීමේ උපාය මාර්ගික උච්චස්ථානයේ සිට ජනතාවගේ ජීවනෝපාය සහතික කිරීම සහ වැඩිදියුණු කිරීමේ කාර්යයට සිය උපරිම දායකත්වය දැක්වීය. නවීකරණයේ ප්‍රතිඵල සියලු ජනතාවට වඩාත් සාධාරණ ලෙස ලැබිය හැකි වන පරිදි සෑම විටම ජනතාව කේන්ද්‍ර කරගත් ප්‍රවේශයට හෙතෙම අනුගත විය.

Chongqing නගරයේ Xiejiawan වීදියේ, Minzhucun නමැති පැරණි සමාජ ප්‍රජාව ජීවත් වේ. මෙම වසරේ අප්‍රේල් මාසයේදී ෂී ජින් පිං මහතා මෙහි පැමිණියේ නිරීක්‍ෂණයක් සඳහා ය. ඔහු එහි ‘පක්ෂය සහ මහජන සේවා මධ්‍යස්ථානය’ට සහ සමාජ ප්‍රජාවේ ආපන ශාලාවට පැමිණ ජනතාව සමඟ සුහද කතා බහක නිරත විය. පැරණි නේවාසික ප්‍රදේශ ප්‍රතිසංස්කරණය කිරීම, ජන  ජීවිත පහසුකරණ සේවාව, ආහාර මිල ගණන් සහ ජනතාව මුහුණ දෙන සෑම ගැටළුවක්ම ෂී ජින් පිං මහතාගේ අවධානයට ලක් විය.

මෙම වසරේ  චීන මහජන සමූහාණ්ඩුව පිහිටුවීමේ 75 වන සංවත්සරය සනිටුහන් කරයි. පසුගිය වසර 75 තුළ දිළිඳුකමේ සිට ලෝකයේ දෙවන දැවැන්තම ආර්ථික ඒකකය දක්වා, ප්‍රමාණවත් ආහාර සහ ඇඳුම් පැළඳුම් නොමැතිකමේ සිට සම්පූර්ණ ලෙස සුව පහසු සමාජයක් ගොඩ නඟමින් පොදු සමෘද්ධිය කරා ගමන් කිරීම දක්වා, ජනතාව සෑම විටම චීන කොමියුනිස්ට් පක්ෂයේ සහ රටේ සියලු කාර්යයන්හි ආරම්භක ලක්ෂ්‍යය සහ පදනම ලෙස සැලකේ.

මහජන මතය තෘප්තිමත් කරවන, ජනතාවගේ ජීවනෝපායට සෙත සැලසෙන, ජන හදවත් උණුසුම් කරන සේ කටයුතු කරමින්, ජනතාවගේ හදිසි, දුෂ්කර හා කනස්සල්ලට පත්වන ගැටළු ස්ථිරසාරව විසඳීමට ප්‍රායෝගිකව ක්‍රියා කළ යුතු බව ෂී ජින් පිං මහතා දේශීය නිරීක්ෂණ චාරිකා සහ රැස්වීම් ඇතුළු අවස්ථා රාශියකදී අවධාරණය කළේය.

පසුගිය ජූලි මාසයේ පැවැත්වූ චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වැනි මධ්‍යම කාරක සභාවේ 3 වැනි පූර්ණ සැසියේදී “ජන ජීවිතය”මූලික කොට ප්‍රතිසංස්කරණ පියවර මාලාවක් හඳුන්වා දෙන ලදී. ගුණාත්මක වෛද්‍ය සම්පත් වර්ධනය කර ඒවා ජනතාව අතරේ භාවිතය ප්‍රවර්ධනය කිරීම, දරුවන් බිහිකිරීමට හිතකාමී සමාජයක් ගොඩනැගීම, වැඩිහිටි සත්කාර සහ එම කර්මාන්තය සංවර්ධනය සඳහා ප්‍රතිපත්ති යාන්ත්‍රණය වැඩි දියුණු කිරීම මෙන්ම අධ්‍යාපනය සඳහා ජනතාවගේ අවශ්‍යතා සපුරාලීම ඊට ඇතුළත් වේ. ජනතා අවශ්‍යතා සහ අපේක්ෂා පිළිබඳව සැලකිලිමත් වී, චීනයේ ප්‍රතිසංස්කරණ අංගසම්පූර්ණ ලෙස තවදුරටත් තහවුරු කිරීම මගින් ඒවා අඛණ්ඩව ක්‍රියාත්මක කෙරේ.

ගුවන් විදුලිය
20241015අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම