චීනයට තවත් සංවර්ධනය වීමේ ඉඩක් නොමැති බවටත්, එරට සංවර්ධනයේ උපරිම මට්ටමට ළඟා වී ඇති බවටත් බටහිර රටවල් කළ ප්‍රකාශයට නිසි ප්‍රතිචාර පළ වේ. ඒ, චීනය, රුසියාව, ඉන්දියාව, කැනඩාව යන රටවල් හතරේ බුද්ධි මණ්ඩලයක් විසින් ඒකාබද්ධ ව සකසන ලද ‘නවයුගයේ චීනය ප්‍රතිසංස්කරණය හා ඉහළ මට්ටමේ විවෘතභාවය පූර්ණ අයුරින් තහවුරු කිරීම සහ 2029-2035 වසරවල ඉදිරි දැක්ම’ යන මැයෙන් යුත් වාර්තාව මගිනි. ඊයේ (05) නිකුත් කෙරුණු එම වාර්තාව ඔස්සේ චීනයේ ප්‍රතිසංස්කරණ හා විවෘතභාවය තවදුරටත් සහතික කිරීමේ ඒකායන අධිෂ්ඨානය පිළිබිඹු කර ඇත.
චීන කොමියුනිස්ට් පක්ෂයේ 18 වැනි ජාතික කොංග්‍රසයෙන් පසු ක්‍රියාත්මක කර ඇති ප්‍රතිසංස්කරණ ක්‍රියාදාම එම වාර්තාව සම්පිණ්ඩනය කරයි. දිළිඳුකම, සංවෘතභාවය, වායු දූෂණය, අල්ලස් හා දූෂණ, අධිපතිවාදය ඇතුළු විවිධ අර්බුදවලට පිළියම් ලෙස ක්‍රියාවට නංවා ඇති පියවර තුළින් සාරවත් ප්‍රගතීන් අත් කර ඇති බව ද එහි දැක්වෙයි.
වර්තමාන චීනය, ප්‍රතිසංස්කරණ අසීරුතාවන්ට මුහුණ දෙමින් සිටියද ඒවා මැඩපවත්වමින් නිසි පරිදි ඉදිරියට යා යුතු බව ද එම වාර්තාව පෙන්වා දී තිබේ.